ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමක තීන්දුව ලැබෙයි!

Date:

පසුගිය කාලය තුළ, ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අධිකරණයට අපහාසයක්වීදැයි සෙවීමට ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි එවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝග දෙකක් අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (30) නියෝග කළ බව වාර්තා වේ.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලමින් මහාධිකරණයට ගොනු කළ අයදුම්පතක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව තරිඳු ජයවර්ධන අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමක තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය කර ඇත. මෙම පෙත්සමේ තීන්දුව අද ලබා දුන්නේ සම්පත් බී අබේකෝන් සහ පී කුමාරරත්මන යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසිනි.

නීතිඥ මනුෂිකා කුරේ මහත්මියගේ උපදෙස් පරිදි ගොනු කරන ලද පෙත්සම වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී පෙරේරා සහ නීතිඥ පවිත්‍ර මනුජය ද සිල්වා ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වා ඇති අතර, ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ එම අත්අඩංගුවට ගැනීම සහ ඇයව බන්ධනාගාරගත කිරීම නිත්‍යානුකූල නොවන බව පෙන්වාදෙමින් පැවැත්වූ මාධ්‍ය හමුවක් මෙම අධිකරණ අපහාස නියෝගය සදහා හේතු පාදක විය.

එම මාධ්‍ය හමුව අධිකරණයට බලපෑම් කිරීම උදෙසා පැවැත්වූ මාධ්‍ය හමුවක් බවට අධිකරණයේදී කරුණු ඉදිරිපත් කර තිබුණි. එයට පාදක වී තිබුණේ මාධ්‍ය හමුවේදී විදර්ශන කන්නංගර විසින් කළ අදහස් දැක්වීමේදී නතාෂා එදිරිසූරිය නිදොස් කොට නිදහස් කරන ලෙස ප්‍රකාශ කිරිමය. එමගින් අධිකරණයට අපහාසයක් වුණ බව සිංහල රාවය සංවිධානය අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළ අතර ඒ පිළිබද විමර්ශනයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කරන ලදී.

ඒ අනුව විදර්ශන කන්නංගර, තරිදු උඩුවරගෙදර, තරිදු ජයවර්ධන, ලක්මාලි හේමචන්ද්‍ර සහ බ්‍රිටෝ ප්‍රනාන්දු යන අයට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ මහේස්ත්‍රාත්වරයෙකුට අධිකරණ සංවිධාන පනත අනුව එවැනි විමර්ශනයක් කිරීමට හෝ කරන ලෙස නියෝග කිරීමට බලයක් නොමැත.

කෙසේ වෙතත්, මේ පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රථමයෙන් මාධ්‍ය හමුව සංවිධානය කළ මාධ්‍ය  වේදී තරිදු උඩුවරගෙදර කැදවූ අතර, එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙවැනි විමර්ශනයක් කිරීමට බලයක් නොමැති බවත්, එම නිසා විමර්ශනය බාර නොගන්නා බවත්, නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් හමුවේ ඔහු ප්‍රකාශ කර සිටියේය. කෙසේ වෙතත් එය නොතකා විමර්ශනය ඉදිරියට ගෙන යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළේය.

ඒ අනුව දෙවනුව මාධ්‍යවේදී තරිදු ජයවර්ධන කැදවීමට කටයුතු කළ අතර, ඔහු එයට එරෙහිව අධිකරණයේ නඩු ගොනු කිරීමට කටයුතු කළේය. උක්ත මාධ්‍ය හමුවේදී පෙන්වා දුන් පරිද්දෙන්ම නතාෂා එදිරිසූරියට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ නඩු ගොනු කිරීම වැරදි බව පෙන්වමින් ඇයව නිදහස් කිරිමට මහාධිකරණ විනිසුරු ආදිත්‍ය බාලපටබැදි තීන්දුවක් ලබා දුන්නේය. නතාෂා එදිරිසූරිය නිදහස් කිරීමට ඒ අනුව කටයුතු කරන ලද බව වැඩිදුරටත් වාර්තාවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...