බට්ටි රශ්මිකා සමඟ එක්ව රැස් විහිඳුවයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 30, (LNW) කොළඹ :

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ වඩාත් කතා බහට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩිකාවක වන චමෝදි ප්‍රබෝධා හෙවත් 16 මැවිරිදි මොණරාගල බට්ටි මේ දක්වා පන්දු යවන්නියක ලෙස දක්වා තිබුණු දක්ෂතා අතරට ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන තුන් කොන් තරගාවලියේ දී පිතිකාරිණියක ලෙස ද අවස්ථානුකූලව තමාට හැසිරීමට හැකි බව ඔප්පු කළා.නවසීලන්තය,ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම් සශභාගි වෙන තුන් කොන් තරගාවලියේ දී තරගාවලිය පුරා පන්දු යවන්නියක ලෙස වැඩි විශ්වාසයකින් කණ්ඩායමට එක් කරගෙන සිටින රශ්මිකා සෙව්වන්දි පිතිකාරීනියක ලෙස කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටිනවා.


මෙහිදී ඔස්ට්‍රේලියාවේ ප්‍රබල පන්දු යැවීම ඉදිරියේ ශ්‍රී ලංකා පිතකාරිණියන් අසරණව ලකුණු 125 ට කඩුලු නවයක් අහිමිව ගිය මොහොතේ රශ්මිකාට සිය ඉණිම සමඟ ශ්‍රී ලංකාවේ ලකුණු පූවරුව ඔසවා තබන්නට ඉතිරිව සිටියේ 15 හැවිරිදි චමෝදි පමණයි.චමෝදි එම වගකීම අකුරටම ඉටු කරමින් සිය කඩුල්ල රැක ගනිමින් පන්දු 36 ක් පුරා පන්දුවට පහරදී ලකුණු 18 ක් ලබා ගන්නේ ශ්‍රී ලංකා ලකුණු පූවරුව 180 දක්වා ඔසවා තබන්නට සිය දායකත්වයත් ලබා දෙමින්.අවසාන කඩුල්ලට එකතු වූ ලකුණු 55 ක ගනා සබඳතාවයට රශ්මිකා සෙව්වන්දි පන්දු 51 දී නොදැවි රැස් කළ ලකුණු 56 ඇතුළථ් වන අතර ඇයගේ ලකුණු 56 තරම්ම වටිනා ලකුණු 18 ක් චමෝදි ද,තමන් මෙන් දෙගුණයක් ප්‍රමාණයෙන් විශාල පන්දු යවන්නියන් ඉදිරියේ රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු පූවරුව ස්‍රතිවාදින්ට සටනක් දිය හැකි ලකුණු ප්‍රමාණයක රඳවන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...