දෙමළ,මුස්ලිම් පක්ෂ එකතු කරගන්න හැදුවත් වැඩක් වුණේ නෑ – මනෝ

Date:

කොළඹ LNW:දමිළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකම සන්ධානයක් ලෙස එකතු කරගත යුතු බවට යෝජනාවක් පැමිණ තිබුණ අතර ඒ සම්බධන්යෙන් දමිළ ප්‍රගතිශීලි සන්ධානය ලෙස දේශපාලන මණ්ඩලයේදී සාකච්ජා කළද සහෝදර පක්ෂවලින් පිළිගත හැකි යෝජනා නොතිබුණ නිසා සුපුරුදු ලෙස සමඟි ජන සන්ධානය සමඟ රැඳී සිටින අතර ඉදිරි මහ මැතිවරණයට ද තරඟ වදින බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

ඒ අනුව බස්නාහිර,සබරගමුව,මධ්‍යම යන පළාත් වල මෙන්ම ඌව පළාතේ බදුල්ල කේන්ද්‍ර කරගනිමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මහ මැතිවරණයට පෙර සමඟි ජන සන්ධානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට නියමිත බවද ඔහු කියාසිටියි.

මේ අතර සිය හඬට සවන් දී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජන්ද භාවිතා කිරීම ගැන සිය ප්‍රජාවට ස්තූතිය පළකරන අතර තවදුරටත් ගමන අවසන් නැති බවයි ඔහු පවසන්නේ.

තවද කඳුකරයේ පසුගාමීන්ගේ ගොඩට සිය ප්‍රගතිශීලි කණ්ඩායම ඇතුල් කර නොගන්නා ලෙසද මනෝ ගනේෂන් මහතා ඉල්ලීමක් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටේප් ෆිනිෂ් මැරතන්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 15, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදී...

අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක්...

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! – සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! - සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි