පක්ෂය පාවාදුන් අයට නැවත කිසි ඉඩක් නෑ – පොහොට්ටු ලේකම්

කොළඹ LNW:සන්ධාන ගත වීම සඳහා ආරාධනා ලැබී තිබුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති සමඟ එකඟවන්නේ නම් පමණක් එම පක්ෂ සමඟ පමණක් සන්ධාන ගත විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද (30) ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

මූලික වශයෙන් සන්ධානගත වීමට හදන පක්ෂ රටේ ඒකීයභාවය පිළිගන්නා පක්ෂ නොවන බවයි කාරියවසම් මහතා සඳහන් කළේ.

මේ අතර පක්ෂය පාවාදුන් කිසිම කෙනෙක්ට නැවත පක්ෂයේ ඉහළ තනතුරු හෝ මහ මැතිවරණයේ නාමයෝජනා ලබා නොදෙන බවයි ඔහු අවධාරණය කළේ.

”සන්ධානගතවීම සඳහා ආරාධනා ලැබිලා තිබුණා. අපි දැඩිව සිටිනවා අපි සන්ධානගත වෙනවා නම් සන්ධානගත වෙන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති සමඟ එකගවෙන පක්ෂ සමඟ විතරයි. අද මේ මූලික වශයෙන් සන්ධානගත වෙන්න හදන පක්ෂ ඔවුන් මේ රටේ ඒකීයභාවය පිළිගන්නා පක්ෂ නොවේ. මේ ඔවුන් සියලුම වෙනත් මතවාද දරණ පක්ෂ. අපි යම්කිසි තාවකාලික පසුබැස්මක ඉන්නවා. අපිට මේ පසුබැස්ම ඇතිවෙලා තිබෙන්නේ පහුගිය කාලයේ මේ රටේ අපේ නායකයින්ට කළ බොරු චෝදනා රටේ ජනතාව විශ්වාස කළ නිසා. අපි ඉතාම ආයාචනාත්මකව මේ රජයෙන් ඉල්ලා සිටිනවා ඔබලා කළ බොරු චෝදනාවලට නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ චෝදනා ඔප්පු කරගන්න බැරි වුණොත් ඒ ජනතාව නැවත එන්නේ, එකතුවෙන්නේ අපි සමඟ. ඒ නිසා අපි අපේ පක්ෂය මේ රටට ආදරය කරන ජනතාව වෙනුවෙන්, මේ රටේ ඒකීයභාවය රකින්න ඕන ජනතාව වෙනුවෙන් අපි අපේ පක්ෂය ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යන්න කැමති. වෙනත් මත දරණ සමඟ එකතුවෙලා අපේ ප්‍රතිපත්තිට එරෙහිව කටයුතු කරනවාට වඩා අපි මේ අවස්ථාවේදි පක්ෂයක් හැටියට එකම ප්‍රතිපත්තියක ඉඳලා ඉදිරි අනාගතයට මුහුණදිලා අභියෝග ජයගන්න කැමති.

අපේ පක්ෂය පාවාදුන් කොටසක් ඉන්නවා. ඒ පක්ෂය පාවාදුන් කොටස දැන් ඔවුන් දේශපාලන වශයෙන් අපි දන්නවා පත්වෙලා තිබෙන තත්වය. අපි පක්ෂයක් හැටියට ගත්ත තීන්දුවේ ස්ථිරව ඉන්නවා. පක්ෂය පාවාදුන් කිසිම කෙනෙක් නැවත පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා ලබාදීමක් කරන්නේ නැහැ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා ජනතාව කියනවා නම් ඒ සැලුන්දොර තවදුරටත් ඇරලා තියන්නේ නැහැ කියන කාරණය. මෙතන විවිධ කණ්ඩායම් ඉන්නවා. පක්ෂය පාවාදිලා ගිය කොටසක් සිටිනවා. ඒ වගේම මුලින්ම වෙනස් මතයක් දරලා 2022 ම ගිය කොටසක් ඉන්නවා. අපිත් සමඟ අවසානය මොහොතේ ඉඳලා පක්ෂය පාවාදිලා ගිය පිරිසක් ඉන්නවා. මේ කිසිම ආකාරයකින් පක්ෂය පාවාදිලා ගිය පිරිසනම් අපි මේ පක්ෂයට ගන්න කටයුතු කරන්නේ නැහැ.” යනුවෙන් කාරියවසම් මහතා වැඩිදුරටත් පවසන ලදී. .

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...