අපේ තේවලට ජපානයේදී නොබෙල් ප්‍රයිස් එක ලැබුණා. ඒක ගිනස් රිපෝට් එකක් – කර්මාන්ත ඇමති හඳුන්නෙත්ති (VIDEO)

Date:

ජපානයේ පැවති තේ ප්‍රදර්ශනයකදී ශ්‍රී ලංකාවේ තේ සඳහා නොබෙල් ත්‍යාගය හිමිවූ බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“අපිට නොබෙල් ප්‍රයිස් එක ලැබුණා පහුගිය දවසක ජපානේ තිබිච්ච එක්සිබිෂන් එකේදී. ලංකාවේ තේ කිලෝ එකක් ඩොලර් 860 ගාණකට ගියා. ඒක ලංකාවේ මුදලින් රුපියල් 275,000ක් විතර. මං හිතන්නෙ ඒක ගිනස් රිපෝට් එකක්. ගිනස් වාර්තාවක් පිහිටෙව්වා. ලංකාවේ තේවල තියෙන කොලිටි එක ඉතාම විශිෂ්ඨ මට්ටමෙන් තියෙනවා. ඒක නිසා තවදුරටත් ඒ තේ කර්මාන්තයේ අපනයන ක්ෂේත්‍රයේ තියෙන ඉල්ලුමට හරියන්න තේ නිෂ්පාදනය කිරීම තමයි අපට තියෙන ඉලක්කය, අභියෝගය. ඉතින් ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද අපේ කොලිටියි, ලෝකෙ තවම බොහෝ පිළිගැනීමක් තියෙනවා”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි..

ජපානයේ ඔසාකා ලෝක ප්‍රදර්ශනයට (World Expo Osaka) සමගාමීව පැවති ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ලද වාර්ෂික ‘සිලෝන් විශේෂ වතු තේ’ පුණ්‍යාධාර වෙන්දේසියේදී ලංකාවේ නිව් විතානකන්ද සිලෝන් කළු තේ (FFExSp) කිලෝග්‍රෑමයක් සඳහා ජපන් යෙන් 125,000ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 860ක) අතිවිශේෂ මිලක් ලැබී තිබිණි. එය ලෝක වාර්තාවක් සහ විශේෂ ජයග්‍රහණයක් වශයෙන් සැලකිය හැකි නමුත් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ප්‍රකාශ කරන ආකාරයෙන් තේ අලෙවියට අදාළව නොබෙල් ත්‍යාග පිරිනැමීමක් ලෝකයේ සිදුවන්නේ නැත.

නොබෙල් ත්‍යාගය පිරිනමන්නේ භෞතික විද්‍යාව , රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව/කායික විද්‍යාව ,සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍ර සඳහා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...