ආණ්ඩුවේ දෙබිඩි බව බී ළුණුවලින් පේනවා – සජිත්

Date:

කොළඹ LNW: එදා බී ලූණු ගොවියාට පවා සහතික මිලක් ලබා දීම රජයේ වගකීමක් යැයි පවසා අද බී ලූණු ආනයනය හොද යැයි පැවසීම තුළ ආණ්ඩුවේ දෙබිඩි බව පෙන්නුම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ඒ අනුව ජනතාවත් ගොවියාත් මංමුලා කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

විපක්ෂයේ සිටින විට කුඹුරට බැස ගොයම් කකා වීවල සහතික මිල රු. 150ක් බවට අණ පනත් හරහා පත් කරන බව පැවසුවද අද වන විට තෙත් වී රු. 90ට විකිණීමට සිදුව ඇති බවත් ඇතැම් වී ගබඩා විවෘත කර නොමැති බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

එදා සමඟි ජන බලවේගය විසින් පොහොර මිටිය රු.5000ට දෙන බව පවසද්දී මාලිමාව හෙක්ටයාරයකට රු. 25,000ක් ලබා දෙන පොරොන්දුවට ජනතාව ජන්දය දුන්නද මේ වන විට සහන මිලට බීජ,පොහොර නොමැති බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ පොළොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්? බී වාර්තාවේ නීතිමය හිඩැස! රනිල් – සරෝජා හුටපටය!

සටහන - විශේෂ වාර්තාකරුවෙකු විසිනි පෙබරවාරි 14, LNW (කොළඹ): හිටපු...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...