මැඩගස්කර ජනාධිපති Andry Rajoelinaගේ අවසන් තීරණය..

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තරුණයින්ගේ නායකත්වයෙන් යුත් මාරාන්තික විරෝධතාවලින් පසු මැඩගස්කර ජනාධිපතිවරයා රජය විසුරුවා හැරි බව වාර්තා වේ.

මැඩගස්කරයේ ජනාධිපති  Andry Rajoelina, විදුලිය හා ජල හිඟය හේතුවෙන් ඇති වූ මහජන විරෝධතා මාරාන්තික බවට පත්වීමත් සමඟ ඔහුගේ රජය විසුරුවා හැර ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කළේ අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

පසුගිය සතියේ ආරම්භ වී සඳුදා (29) දක්වා පැවති විරෝධතා,මෙහෙයවන ලද්දේ, අගනුවර වන ඇන්ටනනාරිවෝ හි පිරිහෙන ජීවන තත්වයන් සම්බන්ධයෙන් කෝපයට පත් තරුණයින් විසිනි.

විශේෂඥයින් පවසන්නේ ඔවුන් 2023 දී Rajoelina නැවත තේරී පත්වීමෙන් පසු ඔහුගේ අධිකාරියට ඇති බරපතලම අභියෝගය නියෝජනය කරන බවත්, වසර ගණනාවකට පසු දිවයින තුළ දුටු විශාලතම නොසන්සුන්තා රැල්ල බවත්ය.

2424.MG එරට නාලිකාව විසින් විකාශනය කරන ලද දර්ශනවලට අනුව, සඳුදා ඇන්ටනනාරිවෝ හි ප්‍රධාන විශ්ව විද්‍යාලයට රැස් වූ ජනතාව පුවරු රැගෙන ජාතික ගීය ගායනා කරමින් නගර මධ්‍යයට පෙළපාළි යාමට උත්සාහ කළහ.

බලධාරීන් විසින් පසුගිය සතියේ සවස් යාමයේ සිට අලුයම දක්වා ඇඳිරි නීති ක්‍රියාත්මක කල අතර, විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ රබර් උණ්ඩ ද භාවිතා කර ඇත.

මිලියන 1.4 ක ජනතාවක් සිටින අගනුවර පුරා සුපිරි වෙළඳසැල්, උපකරණ සාප්පු සහ බැංකු කොල්ලකෑම් වාර්තා වී තිබේ. මෑත දිනවල දේශපාලනඥයින්ට අයත් නිවාසවලට ද ප්‍රහාර එල්ල වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...