තිස්සකුට්ටි ආරච්චි දේවානම්පියතිස්සට අදියි!

Date:

කොළඹ LNW:දේවානම් පියතිස්ස බුදු දහම ආරක්ෂා කළාක් මෙන් තමන් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්සකුට්ටි ආරච්චි මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (29) අනුරාධපුර පෙරමියන්කුලම ප්‍රදේශයේ දී පවතී පාක්ෂික හමුවකදීය.

නාමල් රාජපක්ෂ සමඟ එකට කෝපි බිවුව ෂෙහාන් සේමසිංහලා, චන්ද්‍රසේනලා පක්ෂය අතහැර ගිය පසු තමාට අනුරාධපුරය තමන් වෙත භාර වුණු බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව නාමල් රාජපක්ෂ ජනාධිපති වූ පසු අගමැතිවීමට බලා සිටින අය,කැබිනට් ඇමතිවරු වීමට බල සිටින අය එම සිහින වලම දිගටම සිටින ලෙසත් තමන්ට නිල තලවලින් වැඩක් නැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

”එක්කෙනෙක් මම දැක්ක කියනවා මහින්ද රාජපක්ෂගේ නම විකුණන්න නාමල් රාජපක්ෂගේ නම විකුණන්න කාටවත් අයිතියක් නෑ කියලා. ඔව්. ඒ නම විකුණන්න කාටවත් අයිතියක් නෑ තමයි. නාමල් රාජපක්ෂගේ මහින්ද රාජපක්ෂගේ නම විකුණන් ඇති. පස් පර්මිට් වැලි පර්මිට් ගල් පර්මිට් ගන්න ඇති. නාමල් රාජපක්ෂගේ නම විකුණගෙන වැව් පිටිය අල්ලන්න ඇති. හොඳට හරි නරකට හරි මුදල් හම්බ කරන්න ඇති. චන්ද්‍රසේනලා අපට කෙළලා ගියා. නාමල් රාජපක්ෂ එක්ක එකට කෝපි එක බිව්ව ශෙහාන් සේමසිංහ අපට කෙළලා ගියා. හැත්ත බුරුත්තම ගියා. එකෙක් ඉතුරු වුනේ නෑ බේරගන්න.ඒ වෙලාවෙදි තමයි තිස්ස කුට්ටිආරච්චිට මේක බාර දුන්නේ.මට කියන්න තියෙන්නේ නාමල් ජනාධිපති වුනාම අගමැති වෙන්න ඉන්න කට්ටිය අගමැති සිහිනවල ඉන්න. කැබිනට් ඇමති කම් හිතන් ඉන්න අය කැබිනට් ඇමතිකම් ගන්න. රාජ්‍ය ඇමතිකම් සභාපතිකම් අර තනතුරු මේ තනතුරු සියල්ල ගන්ඩ. තිස්ස කුට්ටිආරච්චිට නිල තලවලින් වැඩක් නෑ. නාමල් රාජපක්ෂ 2029 ජනාධිපති කරවීම සඳහා උඹලා ඇතුළෙන් එළියෙන් පිටින් ඕනෑ විදිහකට තිස්ස කුට්ටිආරච්චිට අවලාද කරපල්ලා. නාමල් රාජපක්ෂ ජනාධිපති පුටුවේ ඉන්දවලා මිස තිස්ස කුට්ටිආරච්චිගේ මේ ගේම් එක අතහරින්නේ නෑ කියලා මම කියනවා.තිස්ස කුට්ටිආරච්චිට එන්න දෙනනේ නෑ කිවුවා අනුරාධපුරේට. ඇයි. තිස්සකුට්ටි ආරච්චි දැන් අනුරාධපුරේ. සුනඛයා බිරුවට කන්ද පාත් වෙන්නේ නෑ.” යනුවෙන් කුට්ටි ආරච්චි මහතා තවදුරටත් පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...

“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...