සටහන: සශිකලා මධුෂාණි
කස්තුරි සුවඳත් රැගෙන සිංහල සිනමාවට පැමිණි නොමිනිසුන් අතර සුරයන්ගේත් සුරයකු ලෙස හඳුන්වන වැලිකතරේ වික්‍රම රන්දෙනිය,ගම්පෙරළියේ ජිනදාස, සරුංගලේ නඩරාජා, නිධානයේ විලි අබේනායක ආදී සිංහල සිනමා වංශය සිය රංගන පෞර්ශයෙන් අවධිකළ හෙළ සිනමාවේ විශිෂ්ඨතම රංගධරයා වශයෙන් සැලකෙන ‘හෙළ සිනමා සක්විති’ ගාමිණි ෆොන්සේකාගේ 21 වන ගුණානුස්මරණය අද(30) දිනට දී තිබේ.
1936 වසරේ මාර්තු 31වන දාවක දෙහිවලදී උපන් සෙම්පුගේ ගාමිණි ෂෙල්ටන් ෆොන්සේකා ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිප් සතර හදාරන කාලයේ සිටම කලාවට සාහිත්‍යට විශේෂ ඇල්මක් දැක්වීය.

ගාමිනිගේ සිනමාවතරණය සිදුවන්නේ ලෝක පුජිත ඩේවිඩ් ලීන්ගේ “ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි” (Bridge on the River Kwai) සහ සිංහල සිනමාවේ හරවුම්ලාක්ෂය, සිංහල සිනමාවේ පීතෘවර අචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිසගේ රේඛාව(1956) චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයෙකු වශයෙනි.
කැමරා ශිල්පියකු වීමට සිහින මැවූ ගාමිණි ෆොන්සේකා ඉන් අනතුරුව රංගනයට පිවිසීමත් සමඟ ලාංකීය සිංහල වංශකතාවේ ඇති විශිෂ්ට සිනමා චාරිකාවක නිරත වේ.

1959 වසරේ දෛවයෝගය චිත්‍රපටයෙන් රංගනයට අත්පොත් තැබූ ඔහු ප්‍රධාන චරිතයක් රඟපෑ චිත්‍රපටය වන්නේ 1960 තිරගතවූ සංදේශයයි. ඉනනතුරුව තිරගත වූ ගම්පෙරලිය, නිධානය, යුගාන්තය, ගැටවරයෝ, පරසතුමල්, සංදේශය, රන්මුතුදුව, සරුංගලය, සදහටම ඔබ මගේ, චංචල රේඛා,ගැටවරයෝ හා වැලිකතර ආදී සිනමාපට 108ක් ඔහු සිය රංගනයෙන් ඔපවත් කරන ලදී.
එවකට දකුණු ඉන්දියානු ආධිපත්‍යයට නතු වූ වේදිකා නාට්‍ය හා දකුණු ඉන්දීය සිනමා රංගනය පිටු දැක සිංහල සිනමා මාධ්‍යයට උචිත යථාර්ථවාදී රංග සම්ප්‍රදායක් මෙරට තුළ ගොඩ නැංවීමෙහි පුරෝගාමියෙකු වී ගාමිණි ෆොන්සේකා ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ රන්මුතුදූවේ වීර වික්‍රමාන්විත කෘතහස්ත රංගනයත් සමඟ ප්‍රථම වතාවට තරුවක් බවට පත් විය. යුග යුග ගණනාවක් සිංහල සිනමාවේ සිහින කුමරා විය.
1962 දී තිරගත වූ “රන්මුතු දූවේ” සිට 1982 තිරගත “සක්විති සුවය” චිත්‍රපටය දක්වා වූ දෙදශකය සිංහල සිනමාවේ ගාමිණී ෆොන්සේකා යුගය විය.

ගාමිණි ෆොන්සේකා වාණිජ නිෂ්පාදනවල වේවා, වඩාත් කලාත්මක සිනමා නිර්මාණවල වේවා දැවැන්තමයා වූ අතර වරෙක සිංහල සිනමා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට ද පිවිසෙන ඔහු පරසතු මල් උතුමාණෙනි, මයුරිගේ කතාව, සාගරයක් මැද, බාඳුරාමල්, රෑ මනමාලි, සක්විති සුවය, කොටි වලිගය, නොමියෙන මිනිසුන්, අන්තිම රැය ආදී සිනමා පට රැසක් අධ්‍යක්ෂනයේද දායක විය.
1966 පාඨක ඡන්දයේ ඇරඹි සරසවිය සම්මාන උලෙළේ ආරම්භක ජනප්‍රියතම නළුවා ලෙසින් කිරුළු දරන ඔහු සරසවිය ආරම්භක සම්මාන උලෙළින් ගම්පෙරළිය චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ගෞරව සම්මානයන් දිනාගත් ඔහු දෙවැනි සම්මාන උලෙළින් හොඳම නළුවා (ධීවරයෝ) 1967 හොඳම නළුවා (පරසතුමල්) 1968 හොඳම නළුවා (සොරුන්ගෙත් හොරු) 1980 හොඳම නළුවා (සරුංගලේ) 1982 හොඳම අධ්‍යක්ෂණය (සාගරයක් මැද) 1986 හොඳම නළුවා (යුගාන්තය) 1994 හොඳම අධ්‍යක්ෂණය (නොමියෙන මිනිසුන්) සඳහා සරසවිය සම්මාන හිමිකර ගත්තේය.
කලාකරුවකු ලෙස ජනහද දිනු ගාමිණි ෆොන්සේකා 1989 දී දේශාපාලනයට පිවිසි අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මානාපයෙන් පාර්ලිමේන්තුවට පත්විය. එක්සත් ජාතික පක්ෂ රජයේ නියෝජ්‍ය කථානායක ධූරය ද හෙබ වූ ඔහු පසුව ඉන් ඉවත් වී පොදු ජන එක්සත් පෙරමුණු රජයේ ආරාධනයෙන් උතුරු නැගෙනහිර ආණ්ඩුකාර ධුරයද හෙබවූයේය.

2004 වසරේ අද වන දිනක ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වුවත් ගාමිණි ෆොන්සේකානම් ඒ අසහාය අසම සම නිර්මානවෙදියා වෙනුවෙන් ගැලරියෙන් ඇසෙන ඔල්වරසන් හඬ සිංහල සිනමාව පවතිනතාක් කල් ඇසෙනු ඇත.