පළමු තරගාවලියේ ප්‍රතිපලය එලෙසම – සූරියන් ශ්‍රී ලංකාවෙන්

Date:

මාල දිවයිනේ පැවති දෙවන දකුණු ආසියානු කාන්තා පැසිපන්දු සූරතාවලියේ සූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.පළමු තරගාවලියේදී සිඳු වූ පරිදිම සූරියන් ශ්‍රී ලංකාව බවට පත් වෙද්දි අනු සූරතාවය නේපාලයටත් තෙවන ස්ථානය මාල දිවයිනටත් හිමි වුණා.

මෙවර තරගාවලියේ විශේෂත්වය වූයේ කිසිඳු කණ්ඩායමකට තරගාවලිය අපරාජිතව හමාර කිරීමට නොහැකි වීමයි.අනු සූරතාවය දිනූ නේපාලය සත්කාරක මාල දිවයින අතින් පරාජයට පත් වුණා.එසේම සූරතාවය දිනූ ශ්‍රී ලංකාවේ අපරාජිත වාර්තාව බිඳ දමමින් නේපාලය විසින් ශ්‍රී ලංකාව පරාජය කළා.
තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගැනීම සිඳු වුණේ ශ්‍රි ලංකා කණ්ඩායමෙන්.එසේම ප්‍රතිවාදින්ට අඩුවෙන්ම ලකුණු ලබා දීමට කටයුතු කළේ නේපාලය.පළමු තරගාවලිය හා සසඳද්දී දකුණු ආසියාව තුළ කාන්තා පැසි පන්දුව විශාල ලෙස වර්ධනයක් අත් කරගෙන සිටින බව පැහැදිළියි.එසේ සළකද්දි ශ්‍රී ලංකාව යම් ආකාරයකින් වැඩි සැළකිල්ලක් යොමු කිරීමට අවශ්‍යය බව තහවුරු වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කිරීමට අවශ්‍යය සාධකයක් හැටියට සැළකුණු බෙනිකා තලගලගේ සේවය පළමු තරගයේදි ඇය වළලුකර ආබාධයකට ලක් වීම නිසා අහිමි වුණා.නමුත් ඒ ස්තානය ආවරණය කිරීමට යොදා ගත් කෙයාශා සිරිවර්ධන ඊට උපරිම සාධාරණයක් කරන්නට වෙහෙසුණා.නායිකා අංජලී එක්නායක,එෆ්සිබා වොෂින්ටන්,ටානියා පෙරේරා,ප්‍රමුඛ සියලුම ක්‍රිඩිකාවන් ශ්‍රී ලංකා ජයග්‍රහණයට කැපි පෙණෙන දායකත්වයක් දැක් වූවා.
තරගාවලියක් අතේ දුරින් තබා කණ්ඩායම් පුහුණුකර ජාත්‍යන්තර ජය ගැනීමට යොමු කිරීම ප්‍රායෝගික කරුණක් නොවන අතර එය ක්‍රමවේදයේ අපරික්ෂාකාරි අක්‍රමවත් සැළසුම්වලට හේතු කර අපකීර්තිය භාර ගැනීම සඳහා ක්‍රීඩකයන් පිටියට තල්ලු කිරීමකි.එම නිසා නිරන්තරයෙන් නඩත්තු වන ජාතික සංචිතයක අවශ්‍යයතාවය මේ තරගාවලිය පුරාම පැහැදිීල කළ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ කොන්ත්‍රාත් ගත වූ ඔවුන්ට වෘත්තීමය තත්ත්වයක් ඇති කරන ලද විශ්වාසවන්ත ජාතික සංචිතයක් අවශ්‍යය වෙනවා.මේ තරගාවලිය පැහැදිළි කළේ එක් අතකින් යම් බිඳ වැටීමක් තිබෙන බවක් වුව,ක්‍රීඩිකාවන් තමන්ට ඇති පහසුකම් වපසරිය තුළ තවත් අතකට විශාල ජයග්‍රහණ සඳහා යා හැකි බවත් පැහැදිළි කළා.

රටක් රටවල් ගණනාවක් අතර තරගයෙන් ප්‍රථම ස්ථානයට ගෙන ඒම, සමස්ත රටේ ගෞරවයට පාත්‍ර විය යුතු තත්ත්වයකි.ඒ අනුව රටක සියලු පුරවැසියන්ට ලාංකිකයන් සේ ආඩම්බර විය හැකි ජයග්‍රහණයක් වෙනුවෙන් දහදිය,කදුළු වැගිරූ සියළුම ක්‍රීඩිකාවන්ගේ වෙහෙසට LNW හදවතින්ම සුබ පතනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය