මුරලිගේ තාත්තගෙන් පන්ච් එකට කික් එකක්

Date:

ලංකාවේ ක්‍රීඩාවේ හැම දෙයක්ම කට ළඟට ඇවිත් හිතීම විශාල ගැටළුවක්.දුර තියා සැළසුම් සහිත සූදානම් හරිම විරලයි.එහෙම වටපිටාවක 2032 තියෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගැන හිතල වැඩ කරන සංගමයක් ගැන අපූරු කතාවක් අහන්න ලැබුණා.ඒ පාසල් බොක්සිං සංගමය මව් සංගමයේ උපදෙස් හා අනුශාසනා එක්ක 2032 වසරේ ඔලිම්පික් පදක්කම් හතරක් වෙනුවෙන් පෙළ ගැහෙන්න ගෙන ඇති තීරණය.


අදාළ සංචිත පිහිටුවීමේ අවස්ථාව උත්සවාකාරයෙන් මහනුවර කුණ්ඩසාලේදි පැවත්වුණා.මෙහි ප්‍රධාන ආරාධිතයා හැටියට ආවෙ ශ්‍රී ලංකාව බිහි කළ පමණක් නොවේ,විශාල පිරිසක් ලෙ පහළ වූ විශිෂ්ඨතම පන්දු යවන්නා හැටියට සළකන මුත්තයියා මුරලිදරන්ගේ පියා.සින්නසාමී මුත්තයියා.

ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගෙ තාත්තා කෙනෙක්.ක්‍රීඩකයෙකුත් නොවන වියපත් ව්‍යාපාරික සින්නසාමි කැඳවීම ගැන හුඟ දෙනෙක්ට තිබුණෙ ගැටළුවක්.ඇත්තටම ඒ ඇයි කියලා අහන්න හොඳම කෙනා වුණේ ජාතික බොක්සිං සංගමයේ උප සභාපති සහ හිටපු ජාතික පුහුණුකරුවෙක් වන වසන්ත කුමාරයි.

“අපි එයාව ගේන්න තීරණය කළේ වැඩේ කුණ්ඩසාලේ තියෙන නිසා.මේ ප්‍රදේශයේ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරන්න ඔහු රටටම ආදර්ශයක් වන අන්දමේ දායකත්වයක් දක්වනවා.විශේෂයෙන් මේ ප්‍රදේශයේ නීතියට සාමයට බාධා වුණු වල් වැදුණු ක්‍රීඩා පිටියක් දැන් රෑ එළිවෙනක්ම තමන්ට පහසු වෙලාවට ක්‍රීඩා කටයුතු සඳහා යොදවා ගන්න මට්ටමට ප්‍රතිසංස්කරණය කරන්න මූලිකව දායක වුණේ එතුමා.ඒ නිසා මේ ප්‍රදේශයේ ඊ ළඟ පරමුපරාව වැරදිවලට යොමු වෙන්න තියෙන ඉඩ ක්‍රීඩාව පැත්තට හරවන්න පෙළඹිලා.මේක රටම ආදර්ශයට ගත යුතු තත්ත්වයක් නිසා ක්‍රීඩාවට එහෙම ආදර්ශයක් දෙන්න දායකවන කෙනෙක් හැටියට අපි එතුමාට ආරාධනා කළා”


වසන්තගේ ඒ කතාව බොහෝ දෙනෙක් නොදන්න පැත්තක්.ඒ වගෙම වසන්න පවසන්නේ ප්‍රධාන ආරාධිතයා නොවුණත් අනාගතය ගැන හිතලා ක්‍රීඩකයින් වෙනුවෙන් කරන වැඩේට තමන් එකතුවෙන්න කැමති බව මුත්තයියා මහතා පැවසූ බවයි.ඒ වගේම ඔහුට දිය හැකි ආධාරයක් අනුග්‍රහයක් ලබා දෙන අතරේම ඔහු එවැනි අය සොයා දීමටත් ඉදිරියේදී ඉඩ තිබෙන බව ඔහුගේ වාචික ඉඟි කියා පානවා.

උත්සවාකාරයෙන් මේ අවස්ථාව පැවත්වීමට පාසල් බොක්සිං සංගමය තෝරාගෙන තිබුණේ කුන්ඩසාලේ ජාතිය ගොඩනඟන්නන්ගේ සංවිධාන ශාලාවයි.චාම් වුවත්,අනාගත බලාපොරොත්තු පිරුණු ඔලිම්පික් සිහිනවලට ගෞරවයක් ගෙන එන ආකාරයෙන් අවස්ථාව නිර්මාණය වී තිබුණා.
2022 වසරේ ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය මගින් පවත්වනු ලැබු පාසල් බොක්සිං තරගාවලියන් වලින් රන් පදක්කම් ලබා ගත් සියලු ක්‍රීඩකයින් මේ ඔලිම්පික් සිහින අහසේ පායා තිබුණා.නොවම්බර් මස මුල් සතියේ සිට පාසල් බොක්සිං කණිෂ්ඨ සංචිතයේ පුහුණුවීම් මධ්‍යස්ථාන 4 ක් තුළ පවත්වාගෙන යාමට පාසල් බොක්සිං සංගමය සහ ශ්‍රී ලංකා බොක්සිං සංගමය සැළසුම් කර තිබෙනවා. එහිදී මෙම ක්‍රීඩකයින්ට මඟ පෙන්වීමට අති දක්ශ පුහුණුකරුවෝ ඉදිරිපත් වී සිටිති

සැළසුම් සකස්වෙමින් .ිබෙන ආකාරයට 2023 වසරේ ශ්‍රී ලංකා ජාතික බොක්සිං සංගමය මුලිකත්වයෙන් ජාත්‍යන්තර බොක්සිං පුහුණුකරුවෙකුගේ මඟ පෙන්වීම මෙම සංචිත වෙත ලැබෙනු ඇතැයි අපේකෂා කරනවා. එසේම මෙම කණිෂ්ඨ බොක්සිං සංචිතය සදහා අවශය පුහුණු ඇදුම් කට්ටලයක් සැපයෙනු ඇත.
ඉදිරියේදි උපකරණ සහ ඇඳුම් පැළදුම් සඳහා අනුග්‍රාහකයන් සොයා ගැනීමට අවශ්‍යය වෙනවා.හැබැයි අපි දියට බහින්නෙ නැතිව ගොඩ ඉදලා සැළසුම් සකස් කරලා වැඩක් නැහැ.අපි දියට බැහැල පීනනන්න පුළුවන් කියලා සහ පීනනවා කියලා පෙන්නුවම මිනිස්සු උදව් කරන්න ඉදිරිපත් වෙයි.

වසන්ත විශ්වාස කරන්නේ ඒ ආකාරයට.එය යථාර්තයක් විය යුතු බව අප ද සිතනවා.කුමක් වුවත් රට තුළ ජයග්‍රහණ කියන්නේ නිරන්තරයෙන්ම අභියෝගයක්ව පවතින මොහොතක දෑත් බැඳ නොසිට පාසල් බොක්සිං සංගමය සහ ජාතික බොක්සිං සංගමය එක්ව කරන මේ කාර්යය අති විශිෂ්ඨයි.වසන්ත වැනිම අදහස් දරන කැපීවීමේන් වැඩ කටයුතු කරන පාසල් බොක්සිං සංගමයේ ලේකම් ජමිත ගයාන් පැවසුවේත් ආරම්භ කරන ලද ගමන ඉලක්කයට ගෙන යාම කුමන අභියෝග බාධක ආවත් කරගෙන යන බවයි.
මේ අවස්ථාවට ජාතික සංගමයේ උප සභාපති වසන්ත කුමාර,උප සභාපති හේමන්ත වීරසිංහ,උප සභාපති අබ්දුල්ලා ඉබිනු ද එක්ව සිටියා.පාසල් සංගමයේ ලේකම් ජමිත ගයාන් මෙන්ම කළාප පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ සංජීව වීරක්කොඩි ද මේ අවස්ථාව නියෝජනය කළා.අධ්‍යාපන අමාත්‍යංශයේ අධික්ෂණ කටයුතු වෙනුවෙන් එක්ව සිටියේ සුසන්ත වීරසේනයි.

විශේෂ ක්‍රියාකාරකම් සහ දේශන සම්බන්ධයෙන් කේෂ්ත්‍රයේ ප්‍රවීනයන් වන කපිතාන් ඉන්ද්‍රසේන රූබසිංහ,රුක්මන් වෑකඩපොළ ඇතුළු විශාල පිරිසක් ද,ශ්‍රී ලංකාව නියෝජනය කළ විශාල ක්‍රීඩකයන් පිරිසක් ද දිවයින පුරා ජයග්‍රාහී බොක්සිං ක්‍රීඩකයින්,ඔවුන්ගේ පුහුණුකරුවන් සහ විද්‍යාල ගුරු භවතුන්ද සහභාගි වී සිටියා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...