*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ගවනර්ගේ ගොන්පාට් !

නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරයට පත්වූ කාලයේ සිටම අපි ඔහු සම්බන්ධයෙන් අපගේ විවේචන ඉදිරිපත් කළෙමු. ඒ, ඔහු සමග අපට ඇති පුද්ගලික ප්‍රශ්නයක් නිසා නොව මේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමේදී ඔහුගෙන් අවැඩක් මිස වැඩක් නොවෙන බව අප හොඳින්ම දන්නා නිසාය. ඔහු සිය තනතුරට පත්ව දින හතරක් ඇතුළත ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව ප්‍රකාශයට පත් කරමින් එය ඔප්පු කළේය.

කෙසේවෙතත් නන්දලාල් වීරසිංහ දැන් ප්‍රශ්නය පෞද්ගලික මට්ටමක් කරා රැගෙන ගොස් තිබේ. ඒ, අප ආයතනයට වෙළඳ දැන්වීම් ලබාදී තිබුණු ආයතන දෙකක ප්‍රධානීන්ට බලපෑම් කර එම දැන්වීම් ඉවත් කරවීමට කටයුතු කිරීමෙනි.

නන්දලාල් මහතාණෙනි, මේවා පැහැදිලිවම ගොන්පාට් ය. නිකම්ම නිකම් ගොන්පාටුත් නොව මහජනතාවගේ බදු මුදල්වලින් අධි සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන අතරේ තමන්ගේ තනතුරේ බලය අවභාවිතා කරමින්, රාජ්‍ය බලය අවභාවිතා කරමින් දමන ගොන්පාට් ය.

නන්දලාල් මහබැංකු අධිපතිවරයා මීට පෙරත් මෙවැනි ක්‍රියාවක් කළේය. ඒ, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ පුවතකට අදාළව එම පුවත්පතේ ප්‍රධාන කර්තෘට සහ හිමිකරුට දුරකථන ඇමතුම් ලබාදී බලපෑම් කිරීමෙනි. ලංකා නිව්ස් වෙබ් අපි එම සිදුවීමත් අනාවරණය කළෙමු. ඔහු එතැනිනුත් නතර වන පාටක් නොපෙනෙන අතර මෙය ඉතාම වැරදි පූර්වාදර්ශ සැපයීමකි.

නන්දලාල් වීරසිංහ යනු මෙරට ආර්ථිකය කාබාසිනියා කර විනාශ මුඛයට ගෙනගිය හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාභයගේ තේරීමකි. ඒ තේරීමත් ඔහුගේ මහා බදු කප්පාදුව, රසායනික පොහොර තහනම වැනි මුග්ධ තේරීම්වලට එහා ගිය හොඳ එකක් නොවේ. එය නන්දලාල් විසින්ම දැනටමත් ඔප්පු කරමින් තිබේ.

මීට පෙර සිටි කිසිදු මහබැංකු අධිපතිවරයෙකු මාධ්‍යයට තග දමමින්, මාධ්‍යයට වෙළඳ දැන්වීම් දෙන ආයතනවලට තග දමමින් වළං කඩේට පැන්නා සේ හැසිරුණේ නැත. නන්දලාල්ට පමණක් මේ අසනීපය හැදී ඇත්තේ ඔහු ගෝඨාභයගේ තේරීමක් නිසා ය. ඇත්තෙන්ම නන්දලාල්ව ඕස්ට්‍රේලියාවේ සිට ඔය තනතුරට ගෝඨාභය විසින් ගෙන්වා ගත්තේත් නන්දලාල්ගේ අමුතු ආර්ථික දැනුමක් නිසා නොව ගෝඨාභය රාජපක්ෂට ඔහු තමන් හා සමාන හැසිරීම් ඇති අයෙකු වශයෙන් දැනුණු නිසා ය. ගෝඨාභයට ගෙදර යන්නට සිදුවුණත් ගෝඨාභයගේ මාධ්‍ය බලඇණිය විසින් ලබාදුන් ශක්තියෙන් රට හමුවේ පොරක් වී සිටින නන්දලාල් මේ කරමින් ඉන්නේ ගෝඨාභයගේ චණ්ඩි පාට් මාධ්‍යයට පෙන්වීම ය.

නන්දලාල් මහතාණෙනි, ලංකා නිව්ස් වෙබ් අප මේ මාධ්‍යකරණයේ නියැළෙන්නේ වසර 13කට අධික කාලයක සිට ය. ඒ කාලය තුළ ඔබට වඩා ලොකු ලොකු “පොරවල්” සමග අප කොතෙකුත් හැප්පී ඇත. ඔබ ඇත්තෙන්ම අපට නම් පඹයෙකි. අප හෙළිදරව් කළ නොයෙකුත් දෑ සමග ඔබට ප්‍රශ්නයක් ඇත්නම් ඔබට උසාවි යාමට හැකි අතර අප ආයතනයේ නීතීඥයින් සමග අපටත් ඔබව උසාවියේදී මුණගැසෙන්නට හැකිය.

ඊට මෙහා සිට තම තනතුරේ ලොකුකමින් ඔළුව උදුමවාගෙන ගහෙන් ගහට කොටකොටා යන්නට දිගටම අදහස් කරගෙන සිටින්නේ නම් ඔබ ඔය පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති තනතුරට තබා වලස්මුල්ල හන්දියේ තේ කඩයක් කිරීමටවත් ඔබ නුසුදුසු බවය.

ඔබ වරක් අතැර දමා ගිය මේ රට වෙනුවෙන් යමක් කිරීමට ඔබට තදටම වුවමනාවක් ඇත්නම් කළ හැකි හොඳම දේ නැවතත් මේ රට හැර දමා හිටපු ඕස්ට්‍රේලියාවටම ආපසු යාමය.

සබැඳි පුවත් –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan