රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW :
අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාමාර්ගයකට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ‘සර්වජන බලය’ පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් ගොනු කරන ලද රිට් (writ) පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (30) තීරණය කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය, විනිසුරු චමත් මොරයිස් සහ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම රිට් පෙත්සම මූලික අදියරේදීම ප්‍රතික්ෂේප කිරීමට ඒකමතිකව තීරණය කරන ලදී.

