අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව: විමල්ට නොතීසි

කොළඹ LNW:අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශට නොවැම්බර් මස 30 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් යළි නොතීසි නියෝගයක් නිකුත් කර තිබේ.

මහජන රැස්වීමකදී හිටපු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණු අතර අදාළ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මීට පෙරද විමල් වීරවංශ මහතාට නොතීසි නිකුත් කර තිබුණද, අදාළ දිනයේදී ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් එළඹෙන නොවැම්බර් 30 වන දින කරුණු දැක්වීම සඳහා මෙලෙස යළි නොතීසි නිකුත් කිරීමට අධිකරණය කටයුතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුර පූජා භූමි සැලැස්ම ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කතා කරයි – ඉල්ලීමකුත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල්...

“පිළිකාවක් යනු මරණයයි” යන මිථ්‍යාව….

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ පිළිකා වැළැක්වීම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්!

කොළඹ LNW:33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි...

නීතිඥ සහයකුත් නැහැ.ත්‍රිකුණාමලය සිද්ධියට කස්සප හිමි යළි රිමාන්ඩ්!

කොළඹ LNW:පූජ්‍ය බලංගොඩ කස්සප හිමි නැවත රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට...