එක්සත් ජනපදයේ කම්කරුවන් 45,000ක් වැඩ වර්ජනයකට සුදානම් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කර්මාන්ත ක්‍රියාකරුවන් ප්‍රධාන සහන ලබා දීමට අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර ලෝන්ග්ෂෝර්මන්ගේ සංගමය (ILA) නියෝජනය කරන වරාය සේවකයින් 45,000 ක් රැකියාවෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව එක්සත් ජනපද කම්කරුවන්ගේ වෘත්තීය එකමුතුව අනතුරු ඇගවීමත් සමඟ උතුරු ඇමරිකාවේ කාර්යබහුලම වරායන් දහයක් ලබන සතියේ වසා දැමීමේ අවදානමකට ලක්ව තිබේ.

වර්ජනය හේතුවෙන් එක්සත් ජනපදයේ නැගෙනහිර සහ ගල්ෆ් වෙරළ තීරයේ වරායන් 36ක් අවදානමට ලක්ව ඇති අතර නව ගිවිසුමකට එළඹීමට නොහැකි වුවහොත් කම්කරුවන් අද(01) වැඩවර්ජනය කිරීමට නියමිත අතර එය 1977 න් පසු පළමු වැඩ නැවතුම වනු ඇති බවයි ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කර තිබුණේ,

එක්සත් ජනපද සමුද්‍ර සන්ධානය (USMX)විසින් එක්සත් ජනපද වරායන් කිහිපයක ස්වයංක්‍රීයකරණය හඳුන්වා දීමත් කම්කරුවන් සඳහා වැටුප් වැඩිකිරීම් සම්බන්ධයෙන් කටයුතු නොකිරීමත්, සෞඛ්‍ය සේවා වැඩිදියුණු නො කිරීම් හේතුවෙන් කම්කරුවන් චෝදනා කර තිබුණේ, සිය සේවා කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කළ බවටයි.

ඒ අනුව කම්කරුවන් විසින් වත්මන් වැටුප් පැයකට ඩොලර් 20 සිට පැයකට ඩොලර් 39 දක්වා ද 2030 වන විට පැයකට ඩොලර් 69 ක ඉහළ අනුපාතයක් දක්වා ඉහල දැමීමක් අපේක්ෂා කරන අතර මෙම වර්ජනය හේතුවෙන් දිනකට ඩොලර් බිලියන 5ක් පමණ ආර්ථික හානියක් සිදුවන ඇතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආකාශ්ගේ තර්ජන මැද කොදෙව් තරුණයෝ ජය කණුවට ළඟා වෙති

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ...

AI භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : රාජ්‍ය සේවය ඵලදායි...

නිලූක,චන්ද්‍රිකා සහ නදීශා අවසන් පූර්ව තරගවලට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: තායිලන්තයේ පතායා කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන...

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ජිවිතක්ෂයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : පැවති අසනීප තත්වය...