රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ (LNW):
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරී එච් එස් කේ ජේ බණ්ඩාර මහතා පත්කර ඇත.
එච් එස් කේ ජේ බණ්ඩාර මහතා පත්කෙරුණේ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ දිනිත් චින්තක කරුණාරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ එම තනතුර සදහා වන අතර, ඔහු දැනට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පාලන ලෙස කටයුතු කරයි.
ඒ මහතා පූර්ණ කාලීනව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කර තිබෙන බව සඳහන් වේ.