පොහොර සහනාධාරය ඉල්ලා ගොවි සංවිධාන විසින් මැ.කො. ට පැමිණිල්ලක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ (LNW):

අද (01)දින ගොවි සංවිධාන විසින් පොහොර සහනාධාරය අත්හිටුවීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මහා කන්නයට ලැබිය යුතු සහනාධාරය නොලැබුණ හොත් එය අස්වනුවලට දැඩිලෙස බලපානු ඇති බව, ගොවි ජනතාව මෙන්ම ගොවි සංවිධාන රැසක් අවධාරණය කර සිටියේය.

මහා කන්නයේ වී ගොවීන් සදහා රුපියල් 25000ක දීමනාවක් ලබාදීමට පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කළ නමුත්, එම තීරණය බලාත්මක කිරීම කල්දමන ලෙසයි මැතිවරණ කොමිසම ඉල්ලා සිටියේය.

මැතිවරණ කොමිසම දැනුම් දී තිබුණේ, මෙම තීරණය තුළින් අනෙකුත් පාර්ශවයන්ට අගතියක් සිදුවන බවයි. එහෙත් එය අත්හිටුවීම තුළින් ඉදිරියේ දී පාරිභෝගික ජනතාව මෙන්ම ගොවීන් ද දැඩි අපහසුතාවට පත්වන බව ඔවුන් සදහන් කළේය.

නීතිඥ නුවන් ජයවර්ධන මහතා සදහන් කළේ, අද දිනයේ දී ගොවි ජනතාවගෙන් ලැබුණු පැමිණිලි ලිඛිතව මැතිවරණ කොමිසමට ලබාදුන් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...