තායිලන්තයේ සිසුන් රැගත් බස්රථයක් අනතුරට ලක් වීමෙන් ළමුන් 20කට අධික පිරිසක් ජීවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තායිලන්තයේ බැංකොක් අගනුවරට මදක් ඔබ්බෙන් උතුරු පළාතේ උතයි තානි හි පාසල් ක්ෂේත්‍ර චාරිකාවකට සම්බන්ධව ප්‍රාථමික පාසල් දරුවන් රැගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් ළමුන් 20කත අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ළමුන් 16 දෙනෙකු සහ ගුරුවරුන් තිදෙනෙකු පලා ගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන අතර රටේ ප්‍රවාහන අමාත්‍යවරයාට අනුව සිසුන් 22 ක් සහ ගුරුවරුන් තිදෙනෙකු තවමත් හඳුනාගෙන නොමැත.

ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර බස්රථය තුළ තිබී මළසිරුරු 10ක් හඳුනාගෙන තිබේ.

බස් රථය බැංකොක් වෙත අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටියදී ටයරයක් පුපුරා යාමෙන් එය බාධකයක ගැටී ඇති ඇති බව ඇසින් දුටු සාක්ෂිකරුවන් ප්‍රකාශ කරතිබු අතර එරට ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ මෙය අතිශය ඛේදනීය අවස්ථාවක් වන බවයි.

තායිලන්තය ලෝකයේ ගුණාත්මක භාවයෙන් අඩුම මාර්ග පද්ධතියක් ඇති රටක් වන අතර අනාරක්ෂිත වාහන සහ දුර්වල රිය පැදවීම ඉහළ වාර්ෂික මරණ සංඛ්‍යාවකට නිරන්තරයෙන් හේතු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...

කාලගුණයේ යළිත් වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 28) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න. අපිත් සහයෝගය ලබා දෙන්නම් – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...

විෂ මත්ද්‍රව්‍යට එරෙහි රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපති ධුරය මාලිමා මන්ත්‍රී ශාන්තට

විෂ මත්ද්‍රව්‍යට එරෙහි ජාතික මෙහෙයුමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ...