ජයග්‍රහණ උඩ පන්දු ලෙස ගිලිහී යාම

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 01, කොළඹ LNW:

කාන්තා ලෝක කුසලාන තරගාවලිය 2025 ආරම්භ කරමින් පැවති සත්කාරකයන් අතර හමුවෙිදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 59 ක ජයක් ලබන්නට ඉන්දියාව සමත් වුණා.එය ඉන්දියාවේ ජයක් ලෙස නොව ශ්‍රී ලංකාව උඩ පන්දු ලෙස ජයග්‍රහණය අත හැරීමක් ලෙස හැඳින්විය හැකිය.


පළමුවෙන් කාසියේ වැසිය ලැබූ චමරි අතපත්තු ඉන්දියාවට පන්දුවට පහර දීමට ආරාධනා කළා.ලකුණු සංඛ්‍යාව 91 ව තිබියදී පළපුරුදු ඉනෝකා රණවීර ක්‍රියාත්මක වුණා.ඒ ප්‍රතිකා රාවල් ලකුණු 37 ට දවා ගනිමින්.ඉනෝකා ලකුණු 120 ක් ව ලකුණු පූවරුව පවතිද්දී කුලු දෙකක් ද,ලකුනු 121 දී එක් කඩුල්ලක් ද දවා ගනිමින් ලකුණු පූවරුව කඩුලු 5 ට ලකුණු 121 ක් බවට පත් කරා.එම ලකුණු ගණනට ලකුණු තවත් තුනක් එක්වන තැනදී චමරි ද කඩුල්ලක් දවා ගනිමින් ලකුණු 124 වෙද්දී ඉන්දිය කඩුලු 6 ක් ම ඔවුන්ට අහිමි කර දැමුවා.
ඉන්දිය කණ්ඩායම මත පීඩනය පොකුරු ගැසී එකතු වෙද්දී,පළපුරුදු දීප්ති ෂර්මා ක්‍රියා කළේ ඒ මත තැන්පත්වීමේ හෝ හිරවිමේ උවමනාවෙන් නොවේ.ඇය ඊට එරෙහිව ප්‍රති පිඩනයක් ඇති කිරීමේ උවමනාවෙන් පීඩනය නොදැනෙන සේ ක්‍රියා කළා.ඊටම සරිලන විදිහට අමන්ජෝට් කෝර් ද ප්‍රහාරාත්මක ආවේශයකට පිවිසෙන්නට උත්සාහ දැරුවා.


මෙහි ප්‍රතිපලයක් ලෙස ලකුණු 103 ක සබඳතාවයක් පන්දු ඕවර් 16.3 දී ගොඩ නඟන්නට දීප්ති ෂර්මා (53) සහ අමන්ජෝට් කොර් (57) සමත් වුණා.අමන්ජෝට් ගේ ඉණිමට ඇයගේ ප්‍රහාරය තරමටම ශ්‍රී ලංකා පන්දු රකින්නියන් විසින් දැක් වූ දුර්වලතාවය ද බල පෑ අතර ඇය ලකුණු 17 ක්, 37 ක්, 50 ක් සහ 53 ක් ,ලබා සිටියදී ලබා දුන් උඩ පන්දු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙතින් ගිලහී ගියා.ඒ අතර ඉනෝකා රණවීරට ඇයගේ පන්දු ඉදිරියේම ඇයටම ලබා දුන් අතිශයින් පහසු උඩ පන්දුවද ගිලී හී යන්නේ කාන්තා ලෝක කුසලාන තරගයකදී කඩුලු 5 ක් දවා ගත් පළමු ලාංකේය පන්දු යවන්නිය විමේ භාග්‍යය විමේ අවස්ථාවද ඉනෝකාට අහිමි කරමින්.අමන්ජෝට් ලකුණු 17 ක් ලබා සිටියදී තරගයේ 33 වන පන්දු ඕවරයේදී ලබා දුන් උඩ පන්දුව රැක ගත්තානම් විශේෂයෙන් මේ තරගාය් තීරණය මීට වඩා විශාල ලෙස වෙනස් වූ එකක් වෙන්නට තිබුණා.


එසේම මේ දුර්වල පන්දු රැකීම සිඳුවෙද්දී විශ්මි ගුණරත්න රැක ගත් උඩ පන්දු ක්‍රික්වයක්ද තිබුණා.එයින් දෙකක් විශිෂ්ඨ උඩ පන්දු ලෙස නම් කළ හැකියි.ඒ අතරින් ද පන්දු රකින්නයන්ගේ දුර්වලතාවය නිසා සිය ජාත්‍යන්තර පිටියේ පළමු අර්ධ ශතකයට උරුමකම් කීමේ භාග්‍යය ලද්දී අමන්ජෝට් රැක ගැනීම සඳහා විශ්මි රැක ගත් උඩ පන්දුව අති විශිෂ්ට එකක් වුණා.


වර්ෂාව ද දෙවරක්ම තරගයට කළ හානිය නිසා පන්දු ඕවර් 47 දී ලකුණු 269 ක් කඩුලු 8 ක් දැවී ලබා ගත් ඉන්දියාව අභිබවා යන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දු ඕවර් 45 ක් ගෙවෙන තැන සියල්ල දැවී ලකුණු 211 ක් ලබා ඉන්දියාවට ලකුණු 59 ක ජයග්‍රහණයකට ඉඩ විවර කර දුන්නා.


ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම ඉණිමේ ගෞරවය දිනා ගත්තේ චමරි අතපත්තුයි.ඇය පන්දු 47 දී ලකුණු 43 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ද සමඟයි.ඉණිමේ හොඳම කඩුලු සබඳතාවය චමරි සහ හර්ෂිතා සමරවික්‍රම (29) අතර දෙවන කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණා.ඒ ලකුණු 52 සබඳතාවයක්.මැද පෙළ බිඳ වැටෙද්දී සටන්කාමී ලකුණු 35 ක් ලබා ගනිමින් ප්‍රතිවාදීන් මත පීඩනයක් ඇති කරන්නට නිල්ක්ෂිකා ද සිල්වා උත්සාහ කළත්,ඉන්දියාවේ පසුපෙළ මෙන් ක්‍රියාත්මක වීමට සහ ඇයට සහය වීමට හැකි කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු වූයේ නැහැ.


ඉන්දීය ඉණිම බිඳ වැටිමේ තැන සිට නැවත ගොඩ නැංවීමේ හැඩය ඇති කරන්නට මුල් වූ දීප්ති ෂර්මාගේ අර්ධ ශතකය මෙන්ම ශ්‍රී ලංකා පිතිකරණය අඩාල කිරිමට මුල් වූ පන්දු යැවීම ද ඇය සතු වුණා.ඇය පන්දු යැවිම සඳහා කැඳ වූ අවස්ථාවේ දී චමරිගේ ප්‍රහාරයට ලක් වුව ද,අවසානයේ චමරිගේ කඩුල්ලද සමඟ ලකුනු 54 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වූ දීප්ති තරගයේ වීරවරිය ලෙස ඇගයීමට ලක් වුණා.
ලකුණු විස්තරයට පිවිසෙන්න. https://bit.ly/4727RWp

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...