ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම BYD විදුලි වාහන සඳහා අත්තිකාරම් ගැනීම නවතා දමයි !

0
250

සටහන – රුවන් නෙළුගොල්ල

චීනයේ නිෂ්පාදිත BYD වාහන මෙරටට ගෙන්වීමේ සහ බෙදාහැරීමේ බලයලත් අලෙවි නියෝජිතයා වන ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම BYD විදුලි වාහන ඇනවුම් සඳහා අත්තිකාරම් මුදල් ලබාගැනීම නතර කිරීමට තීරණය කර තිබේ.

ඒ, එම විදුලි වාහනවල මෝටර් ධාරිතාවය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත ශ්‍රී ලංකා රේගුව සමග උද්ගතව ඇති තත්වය හමුවේ ය.

ඊයේ (සැප්තැම්බර් 30) දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් JKCG සමාගම සඳහන් කර ඇත්තේ මෙම ගැටලුව විසඳාගැනීමට අපේක්ෂිත කාලයට වඩා වැඩි කාලයක් ගතවීම නිසා විද්‍යුත් වාහන (EV) මාදිලිවල බෙදාහැරීමේ ස්ථිර කාලසීමාවක් ලබා දීමට නොහැකි වී ඇති බවයි.

ඒ අනුව 2025 සැප්තැම්බර් 11 වනදා දක්වා අත්තිකාරම් මුදල් ලබාදී ඇති පාරිභෝගිකයින් සඳහා එම සමාගම විකල්ප තුනක් ඉදිරිපත් කර ඇත.

  1. BYD SEALION 5 ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් වාහනයක් වෙත විශේෂ වට්ටමක් සහිතව මාරු වීම (ඔක්තෝබර් 10 වනදාට පෙර තහවුරු කළහොත්)
  2. ඔවුන්ගේ මුදල් පොලී සමඟ ආපසු ලබා ගැනීම (ඔක්තෝබර් 10 වනදාට පෙර)
  3. රේගුවේ තීරණය හෝ බදු පිළිබඳ තීන්දුව අවසන් වනතෙක් ඇනවුම එසේම පවත්වාගෙන යාම

එසේම එම සමාගම දැනුම් දී සිටින්නේ තවදුරටත් BYD විද්‍යුත් වාහන (EV) සඳහා ඇනවුම් කිරීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලබාදී ඇති නමුත් පවතින තත්වය හමුවේ අත්තිකාරම් මුදල් ලබානොගැනීමට සමාගම තීරණය කර ඇති බවයි.

එමෙන්ම මෙතෙක් පාරිභෝගිකයින්ට නිකුත් කර ඇති විද්‍යුත් වාහන සහ ප්ලග් – ඉන් හයිබ්‍රිඩ් විද්‍යුත් වාහන සඳහා වගකීම්, අමතර කොටස් සහ සේවා කටයුතු JKCG සමාගම විසින් අඛණ්ඩව පවත්වාගෙන යන බවත් නිවේදනය කර ඇත.

ඔවුන් විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

සබැඳි පුවත් –