තායිවාන බෙදුම්වාදයට දැඩි ලෙස විරුද්ධ වෙමින් ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කරන බවට චීන ජනපතිගෙන් ප්‍රකාශයක්!

Date:

කොළඹ LNW:චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 76 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ භෝජන සංග්‍රහයක් ඊයේ(30) පැවැත්වුණා. ඒ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං හි මහජන මහ ශාලාවේදී. එහිදී ෂී ජින් පිං ජනාධිපතිවරයා සමස්ත චීන ජනතාව වෙත සුබ පතමින් කියාසිටියේ චීන මහජන සමූහාණ්ඩු‍වේ සංවර්ධනයට සහාය දෙන මිත්‍ර රටවල් හා විදේශීය මිතුරන් වෙත කෘතඥතාව පුද කරන බවයි.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා ගෙවී ගිය වසර 76 තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය ස්වෝත්සාහයෙන් ඓතිහාසික, දැවැන්ත ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇතැයි ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළා. වත්මන් සංකීර්ණ ගෝලීය සන්දර්භය හමුවේ පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණය තවදුරටත් තහවුරු කර ඇති චීනය, ගුණාත්මක සංවර්ධනය ද පුළුල් ලෙස වැඩිදියුණු කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ලබන මාසයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිය පැවැත්වීමට නියමිත බවයි. එහිදී ‘15 වන පස් අවුරුදු’සැලසුම් සම්පාදනය පිළිබඳ සාකච්ඡා සිදු කිරීමට නියමිතයි.

තායිවාන සමුද්‍ර සන්ධි දෙපස හුවමාරු හා සහ‍යෝගිතා පුළුල් කොට ‘තායිවාන ‍ස්වාධීනත්වය’ වෙනුවෙන්, බෙදුම්වාදයට හා ඊට සහාය දක්වන්නා වූ විදෙස් බලවතුන්ට දැඩි ලෙස විරුද්ධ වන අතර ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව තරයේ ආරක්ෂා කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...