ජනපතිගේ ජපන් සංචාරයට ගම්මන්පිලගෙන් බාල්දියක්!

0
149

කොළඹ LNW: ජනාධිපතිවරයාගේ ජපන් සංචාරය මුදල් නාස්තියක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ මොහොතේ ජපානයේ ඇත්තේ තාවකාලික භාරකාර ආන්දුඅක් වන හෙයින් රාජ්‍ය තාන්ත්‍රිකව එම සංචාරයේ වැදගත්කමක් නැති බවත් ජනාධිපතිවරයා සිදුකරන්නේ රටින් රටට ගොස් ශ්‍රී ලංකිකයින් හමුවීම බවත් ගම්මන්පිල මහතා කියාසිටියි.

”දැන් බලන්න ජනාධිපතිතුමා කියනවා මහජන මුදල් නාස්ති කරන එක නතර කළා කියනවා පහුගිය අවුරුද්ද පුරාවට. හැබැයි එතුමා කරන්නේ මහජන මුදල් නාස්ති කිරීමක්. දැන් එතුමා ශ්‍රී ලාංකික ජනතාව හමුවෙන්න රටින් රටට යනවා. මේ වෙලාවේ ජනාධිපතිතුමා ඉන්නේ ජපානයේ. හැබැයි ජපානයේ අගමැතිවරයෙක් නෑ. තාවකාලිකව වැඩබලන අගමැතිවරයෙක් ඉන්නේ. සැප්තැම්බර් 07 වැනිදා ඔහු ඉවත් වෙන බව දැනුම් දීලා ඊළඟ අගමැති තෝරා ගන්නා තුරු තාවකාලිකව වැඩ බැලීමක් පමණයි කරන්නේ. ඒ නිසා එතුමා ජපානෙට යන්න වියදම් කළේ මගේ සල්ලි. මම ගෙව්ව බදු අරමුදල්. ඒ නිසා මට ඒක ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. එතුමා ජපානෙට ගිහිල්ලා එතුමාගේ පක්ෂයේ පාක්ෂිකයෝ ටික හමුවෙන්න මිසක් ජපන් ආණ්ඩුවත් එක්ක දෙයක් කරන්න නෙවෙයි. මොකද ජපානයේ මේ වෙලාවේ ඉන්නේ තාවකාලික භාරකාර ආණ්ඩුවක්. එහෙම නම් ජපන් ගමන මුදල් නාස්තියක්” බව හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ