උරුමයෙන් ඔප්පු දෙන බව පවසා කෝටි ගණනක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට. එක් අයෙක් නීතිඥ වෙස් ගත් කාන්තාවක්!

Date:

කොළඹ LNW: 2024 වසරේ උරුමය වැඩසටහන යටතේ ස්ථිර ඔප්පු ලබා දෙන බව පවසා රු. කෝටි 10කට අසන්න මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය චෝදනාව යටතේ සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අතරින් එක් අයෙක් කාන්තාවක් වන අතර ඇය පසුගිය 26 වැනි දින අත්අඩංගුවට ගෙන කල්මුණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. අනෙක් සැකකරු පසුගිය 29 වැනි දින අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව කල්මුණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

43 හැවිරිදි සැකකාර කාන්තාව බකමුණ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය තාවකාලිකව කිරිබත්ගොඩ ප්‍රදේශයේ ලැගුම්හලක සිට ඇති අතර සැකකරු 55 හැවිරිදි මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

සැකකාරිය තමන් නීතිඥවරියක් ලෙස හදුන්වා දෙමින් කල්මුණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් 164 දෙනෙකුට උරුමය වැඩසටහන යටතේ ස්ථිර ඔප්පු ලබාදෙන බව පවසා එක් පුද්ගලයෙකුගෙන් රු.ලක්ෂ 06 ක මුදලක් ලබාගෙන ඇති බවත් සැකකරු කල්මුණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් 50 දෙනෙකු පමණ සිරිකොත මූලස්ථානයට සහ කොළඹ ප්‍රසිද්ධ හෝටල් කිහිපයකට කැඳවා දේශපාලන කරුණු ගැන සාකච්ජා කර ස්ථිර ඔප්පු ලබාදෙන බවට රවටා මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම විමර්ශනයට අදාළව සැකකරු සතුව තිබී පොලීසිය භාරයට ගන්න ලද රු. ලක්ෂ 20ක මුදලක් අත්හිටුවීම සඳහා අධිකරණ නියෝගයක්ද ලබා ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...

“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...