*
Friday, March 29, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/01

1. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් කරන ලෙසත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහනට ප්‍රවේශ වන ලෙසත් ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් ඉල්ලා සිටියි. – මේ සඳහා ශ්‍රී ලංකාව සැලැස්මක් ඇති කර එය ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව පවසයි – සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක වන තුරු ලෝක බැංකුව විසින් නව මූල්‍ය පහසුකම් ලබා නොදෙන බවට අනතුරු අඟවයි. – “ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කරන ගැඹුරු ප්‍රතිසංස්කරණ” ස්ථාපිත විය යුතු බව අවධාරණය කරයි.

2. ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට අදාළව ජපානය ‘තම කොටස’ ඉටු කිරීමට සූදානම් බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි පවසයි – චීනය සහ ඉන්දියාව වැනි අනෙකුත් ණයහිමි රටවල්වල සහභාගීත්වය ද මීට ලැබිය යුතු බව අවධාරණය කරයි.

3. රටේ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ මූල්‍ය ප්‍රයද්නයකට උරදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතික කරයි. – ණය හිමියන් සහ පාර්ශ්වකරුවන් මෙම ප්‍රයද්නයන් සඳහා සහාය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරයි.

4. ආනයනකරුවන්, නිෂ්පාදකයන්, සේවා සපයන්නන්, තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ පිරිවැටුම මත සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් (Social Security Contribution) පැනවීමට නියමිතයි. – ඔක්තෝබර් 01 සිට මෙය ක්‍රියාත්මක වේ – රු. මිලියන 120 කට වැඩි වාර්ෂික පිරිවැටුමක් සීමාව ලෙස දක්වයි.

5. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (CCPI) උද්ධමනය 2022 අගෝස්තු පැවති සියයට 64.3 ට සාපේක්ෂව සැප්තැම්බර් වන විට සියයට 69.8 දක්වා ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව, ඉකුත් සතියේ උද්ධමනය සියයට 80 ඉක්මවූ, පොලී අනුපාතිකය සියයට 75 සීමාවට ඉහළ ගිය ආජන්ටිනාවේ මහ බැංකුවට පිටුපසින්! – ආජන්ටිනාව ද මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක ඇතුළු වී සිටියි.

6. ප්‍රතික්‍රියාකාරක හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ බොහෝ ජෛව-රසායනික පරීක්ෂණ නතර වී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යා විද්‍යායතනයේ සභාපති රවී කුමුදේශ් පවසයි. – බොහෝ රෝගීන්ගෙන් පෞද්ගලික රසායනාගාරවල පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත්, ඇතැම් ඉහළ නිලධාරීන් ද මේ සඳහා සම්බන්ධ වී ඇති බවත් අනාවරණය කරයි.

7. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීනයේ මැනිලා අගනුවරදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති හමුවෙයි. – ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ද යෝජනා කරයි.

8. නෙළුම් කුළුණේ “හෙල්ෆයර්” (Hellfire) යන නමින් පැවති සංගීත උළෙලක නම “ෆයර්” (Fire) ලෙස වෙනස් කිරීමෙන් අනතුරුව එම උළෙල දිගටම පවත්වාගෙන යාමට කොළඹ පුරපතිනි රෝසි සේනානායක අවසර ලබා දෙයි – “හෙල්ෆයර්” (Hellfire) යනු සාතන් ගැති වන්දනාමානකරුවන්ගේ කල්ලියක නමකි.

9. 2012 වසරේ ස්වභාවික දරු ප්‍රසූතියක දී සදාකාලික ආබාධිත තත්ත්වයකට පත් වූ දැරියකට රු. මිලියන 30ක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණ විනිසුරු කල්හාරි ලියනගේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය සහ හෙද කණ්ඩායමට නියෝග කරයි. – මෙම වෛද්‍ය කණ්ඩායම එකී දැරිවියගේ පෙකණිවැල ගෙල වටා එතී ඇති බව දැන දැන ම මෙම ස්වභාවික දරු ප්‍රසූතිය සිදුකිරීමට කටයුතු කර ඇත.

10. “ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්” ක්‍රිකට් කණ්ඩායම, “බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස්” පරදවා ලකුණු 14 ක ජයකින් “ඉන්දීය ලෙජන්ඩ්ස්” කණ්ඩායම සමඟ ලෝක ලෙජන්ඩ්ස් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි! – ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කඩුළු 09 කට ලකුණු 172, බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කඩුළු 07 කට ලකුණු 158.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan