තුම්මුල්ලේ වීරයාත් තව පිම්මකට සූදානමින් ලු !

Date:

මෙයා කාලයක් තිස්සේ දේශපාලන වේදිකා දෙවනත් කරපු සැර කටක් තියෙන හාදයෙක්. හැබැයි මේ දවස්වල වැඩි සද්දයක් නෑ.

සාමාන්‍යයෙන් තුම්මුල්ල, ලෙමන්පෆ්, මාරාන්තික වගේ වචන කියනකොට දන්න අයට මෙයාව ටක්ගාලා මතක් වෙනවා.

දේශප්‍රේමයෙන් රට හදන හැටි ගැන අවුරුදු ගාණක් තිස්සේ කියකියා ඉන්න මෙයාට දැන් ටික කාලෙක ඉඳන් ආණ්ඩුවකට සෙට් වෙලා රට හදන්න ක්‍රමයක් නැති නිසා හරිම අප්සෙට් එකේ ලු ඉන්නෙ. ඔය අස්සේ නඩු ටිකකුත් ඇදි ඇදී තියෙනවා.

ඉතින් මෑතකදී ඡන්දයකුත් එන කතාවක් කැරකෙන නිසා මෙයා බල්ටියක් ගහන්න බලාගෙන විශේෂ කෙනෙක්ව හම්බුණා ලු. මෙහෙම හම්බෙලා තියෙන්නේ මෙයාම කාලයක් තිස්සේ පතුරු ඇර ඇර ඉඳපු කොළපාට පක්ෂෙ ලොක්කෙක් වීම සුවිශේෂයි.

හම්බෙලා කතා කරලා තියෙන්නේ ඒ දෙන්නා විතරක් නිසා කතාවේ වැඩි විස්තර තවම එළියට ඇවිත් නෑ.

කොහොම වුණත් මේකෙන් මෙයාව නායකයා කරගත්තු “උත්තර” කට්ටියට කටඋත්තර නැති සීන් එකක් වෙන්නත් පුළුවන් ලු ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...