මාලදිවයිනේ නව ජනධිපති ලෙස විපක්ෂයෙන් තරඟකළ මොහොමඩ් මුයිසු තේරී පත්වේ

Date:

මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කියෝජනය කළ හිටපු ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් පරදා මාලදිවයිනේ ප්‍රගතිශීලී විපක්ෂයෙන් තරඟ කළ මොහොමඩ් මුයිසු 54%ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇති බව එරට මැතිවරණ කොමිසම විසින් නිවේදනය කර තිබේ.

ඊබ්‍රහිම් මොහොමඩ් සෝලිහ්, නොවැම්බර් 17 වැනිදා ඔහුගේ අනුප්‍රාප්තිකයා පත්වන තෙක් භාරකාර ජනාධිපති ලෙස කටයුතු කරනු ඇති අතර මෙම ජයග්‍රහණය මාලදිවයිනේ විදේශ ප්‍රතිපත්තියට, තීරණාත්මක සාධකයක් වනු ඇත. ඉන්දියන් සාගරයේ උපායමාර්ගිකව වැදගත් වන දුපත් සමුහයක් වන මාලදිවයිනේ භූ දේශපාලනය ඉන්දියාවට හා චීනයට අතිශයින්ම වැදගත් වනු ඇත.

2018 දී ප්‍රථම වරට ජනාධිපති ලෙස තේරී පත් වූ ඊබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් ඉන්දියාවට පක්ෂපාති නායකයෙකු වශයෙන් හදුනා ගන්න අතර ආණ්ඩු දෙක අතර සිදුවූ ගිවිසුමක් යටතේ නැව් තටාකයක් ඉදිකිරීමට කලක් ඉන්දීය හමුදාව මාලදිවයිනේ රැදී සිටින ලදී. ඊබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, මාලදිවයිනේ ස්වෛරීභාවය කඩ නොවන බවත් නැව් තටාකයක් ඉදිකිරීම හේතුවෙන් පමණක් හමුදාව රැදී සිටින බවත්ය.

ඒ අනුව, මුයිසුගේ මැතිවරණ පොරොන්දු අතර ප්‍රධාන වුයේ තමා ජනාධිපති ධුරයට පත් වුවහොත් මාලදිවයිනෙන් ඉන්දීය හමුදා ඉවත් කර රටේ වෙළඳ සබඳතා සමතුලිත කරන බවයි.

මෙම මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව අදහස් දක්වමින් මාලදිවයිනේ හිටපු විදේශ අමාත්‍යවරයකු වන අහමඩ් ෂහීඩ් ප්‍රකාශ කර තිබුණේ, ඉන්දීය බලපෑම පිළිබඳ උත්සුකයන්ට වඩා ආර්ථික හා පාලන අපේක්ෂාවන් සපුරාලීමට රජය අසමත් වීමට එරෙහිව දියත් වූ මහජන කැරැල්ලක් ලෙසයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...