අයවැයෙන් රජයේ සේවකයින්ට වැටුප් වැඩිවීමක් අවශ්‍යයයි. අපි ජනපතිටත් කිව්වා – ජගත් කුමාර

Date:

ඉදිරි අයවැයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකළ යුතු බවත් රජයේ සේවකයින්ගේ බදු ප්‍රශ්නයට යම් සහනයක් දිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

“ඉදිරි අයවැය සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමා එක්ක කරපු සාකච්ඡාවලදී – අපි තාමත් ආණ්ඩුවෙ ඉන්නෙත් ඒකයි – ජනාධිපතිතුමා යම් විශ්වාසයක් තියලා තියෙනවා රාජ්‍ය සේවකයින්ට යම් සහනයක් දෙන්න ඕනෙ, වැටුප් වැඩිවීමක් වෙන්න ඕනෙ කියන කාරණාවට. ජීවන වියදමට යම් සහනයක් දෙන්න ඕනෙ කියන එක ඉල්ලීම අපි කරලා තියෙනවා. මේවා ගැන ජනාධිපතිතුමා සලකා බලනවා කියලා කිව්වා. රාජ්‍ය සේවකයින්ට වැටිලා තියෙන බදු බර ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් ඒ සම්බන්ධයෙන් මැසිවිලි නඟනවා. මං හිතනවා ඒ අයට යම් සහනයක් දිය යුතුයි. ඒ වගේම අර මහා පරිමාණ ව්‍යාපාරිකයින් සහ අනෙක් අයගෙන් ගත්තොත් කිසි ගැටලුවක් නැතුව රජයට අවශ්‍ය බදු ටික ලැබේවි”

ජගත් කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු...

තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ...

ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS)

කොළඹ LNW: සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට...

ආරක්‍ෂිත ක්‍රියාමාර්ගවලට යොමුවන්න – කාලගුණයෙන් රතු නිවේදන!

කොළඹ LNW:ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය...