ඉන්දුනීසියාව ගිනිකොණදිග ආසියාවේ පළමු බුලට් දුම්රිය දියත් කරයි

Date:

ඉන්දුනීසියාව එරට විශාලතම වෙළඳ සහ ආයෝජන සහකරු වන චීනයේ ආයෝජනය යටතේ ගිනිකොණදිග ආසියාවේ පළමු බුලට් දුම්රිය අද(01) දිනයේ දී දියත් කළ බව වාර්තා වේ.

චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් යටිතල පහසුකම් මුලපිරීමේ කොටසක් වශයෙන් PT Kereta Cepat Indonesia China (PT KCIC) විසින් අධීක්ෂණය යටතේ මෙම බුලට් දුම්රිය ව්‍යාපෘතිය දියත් වූ අතර මේ වෙනුවෙන් වය කරන ලද මුළු මුදල ඩොලර් බිලියන 7.3 කි.

මෙම දුම්රිය ඉන්දුනීසියාවේ දෙවන විශාලතම නගරය සහ ප්‍රධාන කලා හා සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් වන බටහිර ජාවා හි ජකර්තා අගනුවර සහ බන්ඩුං අතර ගමන් කරනු ඇත. සැතපුම් 86ක (138-කිලෝමීටර්) අධිවේගී දුම්රිය මාර්ගය, නිල වශයෙන් WHOOSH ලෙස නම් කර තිබේ. එය ඉන්දුනීසියානු භාෂාවෙන් “කාලය ඉතිරි කිරීම, ප්‍රශස්ත ක්‍රියාකාරිත්වය, විශ්වාසනීය පද්ධතිය” යන්නෙන් අදහස් කෙරේ. සෘජු කාබන් විමෝචනයකින් තොරව විදුලි බලයෙන් ධාවනය වන අතර ජකර්තා සහ බන්ඩුං අතර ගමන් කාලය පැය තුනේ සිට පැයකට අඩු කාලයකට අඩු කරන බව නිලධාරීන් පවසා තිබේ.

මෙම අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් PT KCIC හි අධ්‍යක්ෂ Dwiyana, Jakarta-Bandung ප්‍රකාශ කර තිබුණේ, මෙය ඉන්දුනීසියාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ කැපී පෙනෙන උදාහරණයක් ලෙසයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...