ගුවන් ගමන් දෙකක් අවලංගු වේ ! මගීන් අපහසුතාවයට !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කාර්මික දෝෂයන්ට ලක්වීම හේතුවෙන් නේපාලයේ කත්මන්ඩු සහ ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් ගමන් දෙකක් මෙලෙස අවලංගු වී ඇති බව වාර්තා වන අතර මෙම ගුවන් ගමන් දෙකක් අවලංගු වීම හේතුවෙන් මගීන් දුෂ්කරතාවට පත්ව ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.

මගීන් 200 දෙනෙකු රැගෙන නේපාලයේ කත්මන්ඩු බලා අද (01) පෙරවරු 8.20ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 181 ගුවන් යානය පැය කිහිපයක් ප්‍රමාද වී තිබූ අතර පසුව ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවට දැනුම් දී තිබූ බව සඳහන් වන අතර, කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අවලංගු කළ අනෙක් ගුවන් යානය ද අද පෙරවරුවේ මුම්බායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ බව සඳහන් වේ.

ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් මගීන් හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවද තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...