ලිට්‍රෝ ගෑස් මිලේ අඩුවක් නෑ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඔක්තෝබර් මාසයට අදාළව ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩි වන පරිසරයකදී වුවද ලිට්‍රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එමෙන්ම, මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කළ බැවින් පාරිභෝගික ජනතාවට සහන සැලසීමට හැකිවූ බව එම සමාගම වැඩිදුරටත් පවසයි.

ඒ අනුව දැනට පවතින මිල ගණන්වලටම මේ මාසයේදීත් ගෑස් අලෙවි කෙරේ.

ඒ, (කොළඹ දිස්ත්‍රික්කයේදී) කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...