ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට!

Date:

කොළඹ LNW:ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග ගැටුම් වර්ධනය වීම මීට හේතුව වී ඇති බව සඳහන්.

මදපෙරදින මෙම ගැටුම් තත්ත්වය හේතුවෙන් ලෝක ඉන්ධන සැපයුමට බාධා ඇති විය හැකි බවටයි පුරෝකථනය වෙමින් ඇත්තේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 74.40ක් දක්වා වර්ධනය වී තිබේ.

ඉරානය ලොව 7වැනි විශාලතම ඉන්ධන නිෂ්පාදකයා වනා තර ඔපෙක් සංවිධානයේ තෙවැනි විශාලතම ඉන්ධන නිෂ්පාදකයා ලෙසද ගැනෙයි.

ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් හොර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්ධන ප්‍රවාහන යාත්‍රා සඳහා ගමනාගමනයට බාධා එල්ලවිය හැකි අතර ඉරානය සහ ඕමානය අතර පිහිටි මෙම මුහුදු මාර්ගය ලෝක ඉන්ධන වෙළෙඳාමට විශාල දායකත්වයක් ලබාදෙන අතර එය ඔස්සේ ලෝක ඉන්ධන සැපයුමෙන් 20%ක් පමණ ප්‍රවාහනය වන බව සඳහන්.

අනෙකුත් ඔපෙක් සාමාජික රටවල් වන සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය,කුවේට් සහ ඉරාකය ද සිය ඉන්ධන ප්‍රවාහනය සඳහා මෙම සමුද්‍ර මාර්ගය භාවිත කරනු ලබයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...