LECO වාහන අපි ගත්තේ නැහැ – නාමල් චෝදනා ප්‍රතික්ෂේප කරයි

Date:

කොළඹ LNW:ලංකා විදුලි පුද්ගලික සමාගමේ රථයක් හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතුවලට යොදාගත්බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප නාමල් රාජපක්ෂ මහතා මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ප්‍රතික්ෂේප කර තිබේ.

නාමල් රාජපක්ෂ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ ලංකා විදුලි පුද්ගලික සමාගමේ සුබසාධන අංශයට අයත් රථයක් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බවට නගන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බවයි.

උපුටා ගැනීම,

”අනුරාධපුරයේ දී 2024 අගෝස්තු 21 දින පැවැති මංගල ප්‍රචාරක රැලිය සඳහා අප දැනුවත්ව ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) රථයක් යොදාගෙන නැත.අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) සිදුකළ මූලික අභ්‍යන්තර පරීක්ෂණයෙන් ද මෙම චෝදනාව දේශපාලනික එදිරිවාදිකම් අනුව යමින් සිදු කළ අසත්‍ය චෝදනාවක් බව හෙළිව ඇතැයි අප වෙත දැනගැනීමට ලැබී තිබේ. එසේ වුවද ඕනෑම පරික්ෂණයක් සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට නාමල් රාජපක්ෂ මහතා මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සූදානම්ය.” යනුවෙන් එම නිවේදනයේ දක්වා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...