පාර්ලිමේන්තුව ස්වාධීන වෙන්න ඕනේ.ජනාධිපතිගේ විධායක බලයට යටවෙලා හරියන්නේ නැහැ – චම්පික

Date:

කොළඹ LNW:බහුතර ජන්ද ලැබී ඇත්තේ ජනාධිපතිවරයාට නොව විපක්ෂයට වන හෙයින් බහුතරයේ තීරණය ක්‍රියාත්මක වෙන පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනාධිපතිවරයාට අත දිගහැර වැඩ කිරීමට බලය තිබිය යුතු වුවත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ විධායක බලයට යට නොවුණු ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම වැදගත් බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”මම දන්නෙ නෑ එකඟතාවක් තියෙනවා ද කියලා. එහෙම එකඟතාවක් නැති බව තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ වෙනත් විවිධ කණ්ඩායම්වල ඉන්න පුද්ගලයන්ගේ එකමුතුවක් දැනටමත් සමගි ජන සන්ධානයට තියෙනවා. ඒකෙන් තමයි තරඟ කරන්නේ. කොහොමත් බහුතර ඡන්දය ලැබුණේ විපක්ෂයට. අද සිටින ජනාධිපතිවරයාට නෙමෙයි. ඒ අනුව ඒ බහුතරයේ තීරණය ක්‍රියාත්මක වෙන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. විශේෂයෙන් ම විධායක බලයට යට නොවුනු, අපි දන්නවා ඔය. හැමදාම කියන දේ තමයි 2019 දීත්, 2010 දීත් ඇහුනු දේ තමයි මේ ජනාධිපතිට අත දිග ඇරලා වැඩ කරන්න බලය දිය යුතුයි කියලා. නමුත් බලය ඉතාමත් නරක විදිහට පාවිච්චි කිරීමයි, පාර්ලිමේන්තුව රබර් සීල් එකක් වීමයි තමයි සිද්ධ වුනේ. ඒ නිසා මේක එසේ නො වෙන්න නම්, මේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ විධායක බලයට, විධායකයට යට නො වුනු ස්වාධීන ආයතනයක් හැටියට අර සමතුලිතතාව තියෙන, ජනාධිපතිවරයාගේ හොඳ තීරණ වලට එකඟ වෙන, නරක තීරණ වලට විරුද්ධ වෙන්න පුළුවන් සමතුලිතතාවක් සහිත පාර්ලිමේන්තුවක් විය යුතුයි. ඒ වගේ ම දූෂණ චෝදනා එල්ල වුනු පිරිස් නොවන වෘත්තීයවේදී, ගුණගරුක පාර්ලිමේන්තුවක් ඇති කරන්න මේ ඉදිරි ඡන්දෙ දි ජනතාව තීරණය කරනවා ඇතැයි කියලා අපි හිතනවා.”

මේ අතර අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා මහ මැතිවරණයට ඉදිරිපත්වන බවද ඔහු කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...

ශිරන්තිගේ සහෝදරයා රිමාන්ඩ් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්...

කැස්පියන් මුහුද වේගයෙන් හැකිලේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නේචර් සඟරාව මඟින්...