ජනාධිපති හා කියුබානු තානාපති අතර හමුවක්.ඩෙංගු මර්දනයට සහය දෙන්නත් සහතික වෙයි!

Date:

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ (Andres Marcelo Gonzales Gorrido) අතර හමුවක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමුව තිබුණු අතර ඩෙංගු මර්දනය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බව මෙහිදී සහතික වී තිබේ.

ඩෙංගු උවදුර මර්දනය කිරීමේදී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳ මෙරට කියුබානු තානපතිවරයා පෙන්වා දී තිබුණි.

ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බෙදා ගැනීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බව ද ඔහු සඳහන් කර ඇත.

දේශපාලනිකව ජනාධිපතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳව කියුබානු තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබපැතුම්ද පිරිනමා තිබුණි.

ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිබඳ ප්‍රශංසා කර තිබෙන මෙරට කියුබානු තානාපතිවරයා, ශ්‍රී ලංකාව සමඟ පවතින සහයෝගීතාව වැඩි දියුණු කිරීමට කියුබාව සූදානමින් සිටින බව ද ප්‍අවධාරණය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...