*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

දවස් දෙකට වාර්තා අටයි

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 02, (LNW) කොළඹ :

ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා සූරතාවලියේ දෙවන දිනය නිමාවන විට නව උළෙල වාර්තා අටක් වාර්තා වී තිබෙනවා.ඒ අතර අවුරුදු 16 න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්වේ දී යළිත් වරක් මීටර් 6 සීමාන ඉක්මවා යමින් වත්තල පයසියම් විද්‍යාලයේ දිල්නි නෙත්සලා රාජපක්ෂ මීටර් 6.12 ක දක්ෂතාවයක් දැක්වීම අනාගත සුබ සළකුණක් ලෙස හැඳින්විය හැකියි.


එසේම මෑතකදී පැවති දකුණු ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 800 අවුරුදු 18 න් පහළ බාලිකා ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළ,මේ වන විට ලාංකේය මලල ක්‍රීඩා කේෂ්ත්‍රෙය් “පොඩි තරුශි“ යන සුරතල් නාමයෙන් හඳුන්වන තරුශි අභිශේකා මීටර් 800 ඉසව්ව ඉසව්ව විනාඩි 2:10.15 න් නිමා කරමින් නව වාර්තාවක් තබන්නට සමත් වුණා.ඒ ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලය නියෝජනය කරමින්.
එසේම මේ වාර්තා තැබූ ක්‍රීඩකයින් අතර යොවුන් ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී මිටර් 400 කඩුලු ඉසව්වේ දී රිදී පදක්කමක් දිනා ගෙන ඇති පැහැදිළි අනාගත විකුම් පිළිබඳ ඉඟා සපයන්නෙකු වන අයෝමාල් අකලංක මීටර් 400 කඩුලු ඉසව්ව ජය ගනිමින් අවුරුදු 20 න් පහළ දී සිය ජයග්‍රාහී අනන්‍යතාවය ආරක්ෂා කර ගත්තේ තත්පර 52.14 ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින්.
ඊයේ දිනය නිමාවන විට නව වාර්තා තැබූ අයගේ දක්ෂතා සහ නම් පහතින් දැක්වෙනවා.


1) උස පැනීම වයස අවුරුදු 18න් පහළ බාලිකා
වී. පී. එන්. සමාධි මීටර් 1.69 විජිත ම.ම.වි. – දික්වැල්ල
2) දුර පැනීම වයස අවුරුදු 16න් පහළ බාලිකා
ඩී. රාජපක්ෂ මීටර් 6.12 ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල
3) මීටර් 200 වයස අවුරුදු 18න් පහළ බාලක
එස්. එම්. වී. එස්. රාජකරුණා තත්. 21.52 ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය – වෙන්නප්පුව
4) මීටර් 800 වයස අවුරුදු 16න් පහළ බාලක
එච්. ඩබ්ලිව්. එන්. විලද්දර විනාඩි 1:58.39 රාහුල විදුහල – මාතර
5) මීටර් 800 වයස අවුරුදු 18න් පහළ බාලිකා
එම්. ජී. ටී. අභිෂේකා විනාඩි 2:10.15 වික්‍රමබාහු ම.වි. – ගම්පොළ
6) මීටර් 800 වයස අවුරුදු 18න් පහළ බාලක
එච්. ඩී. එස්. අවිශ්ක විනාඩි 1:53.66 ධම්මිස්සර ම. ම. – නාත්තන්ඩිය
7) හෙල්ල විසිකිරීම (ග්‍රෑම් 600) වයස අවුරුදු 16න් පහළ බාලිකා
ඩබ්ලිව්. කේ. බී. බී. සහේලි මීටර් 40.01 – ආවේ මරියා කන්‍යාරාමය මීගමුව
8) මීටර් 400 කඩුලු මතින් දිවීම වයස අවුරුදු 20න් පහළ බාලක
ඒ. අකලංක තත්. 52.14 – අඹගමුව ම.ම විදුහල හැටන්

ඡායාරූපයේ දැක්වෙන්නේ දුර පැනීමෙන් දෙවන වරටත් මීටර් 6 ඉක්මවා යාමට සමත් වූ නෙත්සලා රාජපක්ෂය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan