ඉන්දියානු සංචිත බැංකුව ශ්‍රී ලංකාව ඇතුළු කලාපිය රටවල් සඳහා ඉන්දීය රුපියල භාවිතය ඉහල නංවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියානු සංචිත බැංකුව (RBI) විසින් ඊයේ(01)දිනයේ දී ශ්‍රී ලංකාව , භූතානය හා නේපාල වෙළඳාමේදී ඉන්දියානු රුපියල (INR) භාවිතා කිරීම දිරිමත් කිරීම සඳහා පියවර මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙමඟින් ඇමරිකානු ඩොලරය මත යැපීම අඩු කිරීම සහ විනිමය අනුපාත අස්ථාවරත්වයට නිරාවරණය වීම අවම කිරීම අපේක්ෂා කරන අතර මෙහි ඉදිරි පියවරක් ලෙස ශ්‍රී ලංකාව, භූතානය, නේපාලය යන අසල්වැසි රටවලට INR වලින් ණය ලබා දීමට බලයලත් අලෙවිකරු (AD) බැංකුවලට අවසර ලබා දී තිබේ.

ඉන්දියානු සංචිත බැංකුව (RBI) විශේෂ රුපියල් වොස්ට්‍රෝ ගිණුම් (SRVA) වල විෂය පථය පුළුල් කර ඇති අතර, එමඟින් ශේෂයන් ආයතනික බැඳුම්කර සහ වාණිජ පත්‍රිකාවල ආයෝජනය කිරීමට ඉඩ සලසයි. විදේශීය බැංකු විසින් ඉන්දියානු බැංකු සමඟ පවත්වාගෙන යනු ලබන SRVA, ජාත්‍යන්තර වෙළඳාම සඳහා සෘජු INR පියවීම් සඳහා පහසුකම් සපයයි.

මෙම පියවරයන් විදේශ විනිමය සංචිත මත පීඩනය ලිහිල් කිරීම සහ තිරසාර ජංගම ගිණුම් හිඟයක් (CAD) පවත්වා ගැනීමට උපකාරී වන බව RBI අධිපති සංජේ මල්හෝත්‍රා ප්‍රකාශ කර තිබු අතර මෙමඟින් ශක්තිමත් සේවා අපනයන, විශේෂයෙන් මෘදුකාංග සහ ව්‍යාපාරික සේවා සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රේෂණ ලැබීම් සමඟ, 2025-26 කාලය පුරා CAD කළමනාකරණය කළ හැකිව තබා ගැනීමට අපේක්ෂා කරන බවයි RBI අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...