වසර 08 ජනාධිපති කොමිෂන් සභා වියදම මිලියන 500 යි

Date:

පසුගිය වසර 08 ක කාලය තුළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා සඳහා රුපියල් මිලියන 504 ක් වැයකර තිබෙනවා.

මින් වැඩිම මුදලක් වැයකර තිබෙන්නේ 2020 වසරේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙනුවෙනි. එම මුදල රුපියල් මිලියන 120 ක් බවයි වාර්තා වන්නේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේදී මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ කොමිසම, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ කොමිසම, මහින්ද රාජපක්ෂ රජයේ බරපතල වංචා දූෂණ සෙවීමේ කොමිසම, යහපාලන රජයේ වංචා හා දූෂණ සෙවීමට පත් කළ කොමිසම සහ ශ්‍රී ලංකන් එයාර්ලයින් ගණුදෙනුව පිළිබඳ සොයාබැලීමේ කොමිසම යන කොමිෂන් සභා 05 පිහිටුවීය.

ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී ඊ.ටී.අයි. ගනුදෙනුව පිළිබඳ සෙවීමේ කොමිසම, මෙතෙක් පැවති ජනාධිපති කොමිසන් සභාවල කාර්යභාරය පිළිබද සොයාබැලීමේ කොමිසම, අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳව ජනාධිපති කොමිසන් සභාව සහ රේගු ගණුදෙනු පිළිබඳ සෙවීමේ කොමිසම පත් කළේය.

මෙම කොමිෂන් සභා බහුතරයක විමර්ශන කටයුතු අවසන් කර වාර්තා බාර දී තිබෙන නමුත් එම වාර්තාවල සඳහන් බොහෝ නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මක කර නොමැත. කොමිෂන් සභා සඳහා වැය කර ඇති මුදල්වලට සාපේක්ෂව ඉන් රටට සිදුවූ යහපත කුමක්ද යන්න ගැටලුවකි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...