ජාතික සභාව වර්ජනය කරන පක්ෂවලට ශ්‍රීලනිපයේ ආචාරය !

Date:

නාමමාත්‍රිකව පිහිටුවා ඇති ජාතික සභාව පිළිගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නොමැති බවත්, එනිසා ජාතික සභාවට සහභාගිවීමෙන් වැළකී සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

නිදහසින් පසුව ශ්‍රී ලංකාව ඉතිහාසයේ දැවැන්තම අර්බුදයට මුහුණ දෙමින් සිටින බව පෙන්වා දෙන ශ්‍රීලනිපය පවසන්නේ කොවිඩ් වසංගතය තීව්‍ර වූ අවධියේදීම සර්ව පාක්ෂික වැඩපිළිවෙලක වැදගත්කම තම පක්ෂය විසින් අවධාරණය කළ බවයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවූ සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වූ ශ්‍රීලනිපය ඉන්පසු වත්මන් ජනාධිපතිවරයා යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා උපරිම උත්සාහ ගත් බවද සිහිපත් කරනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා පාර්ශ්ව කිහිපයකින් යෝජනා ඉදිරිපත් වූ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එකඟ වන පාර්ශව සහභාගි කරගනිමින් ජාතික විධායක සභාවක් පිහිටුවා ඒ හරහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය තෝරා ගැනීම කළයුතුව තිබූ බවද ශ්‍රීලනිපය අවධාරණය කරනවා.

කෙසේ නමුත් එම එකඟතා කඩකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයෙකු ඇතුළු කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමත් සමග සර්ව පාක්ෂික ආණ්ඩුව හා ජාතික සභාව පිළිබඳ වැඩපිළිවෙල කඩාකප්පල් වූ බව පෙන්වා දෙන ශ්‍රීලනිපය පවසන්නේ දැනට පිහිටුවා ඇති ජාතික සභාව කිසිදු බලයක් නොමැති, එසේම පිළිගත නොහැකි ව්‍යූහයක් බවයි.

මෙම තත්වය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාව නියෝජනය කිරීමෙන් වැළකී සිටින බවත් කෙසේ නමුත් ජනතාවගේත් රටේත් යහපත වෙනුවෙන් ගන්නා සාධනීය ක්‍රියාමාර්ග සඳහා විපක්ෂයේ සිට සහාය ලබාදීමට කටයුතු කරන බවත් අදාල නිවේදනයේ සඳහන් වේ.

ජාතික සභාව සඳහා සහභාගිවීමෙන් වැළකී සිටින සෙසු සහෝදර දේශපාලන පක්ෂවලට ශ්‍රීලනිපයේ ආචාරය හිමිවන බවද එහි සඳහන් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...