*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

නායක දිමුත්ගේ ආරම්භය

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැවන්ත කඩා වැටීමක තිබියදීත්,ටෙස්ට් කණ්ඩායමේ ජයග්‍රහණයන් සහ සාර්ථකත්වය යම් තාක් දුරට නිරුපද්‍රිතව තබා ගැනීමට සමත්කම් දක්වයි.එමෙන්ම නායකත්වය පිතිකරණයට බරක් කර නොගෙන, යහමින් ලකුණු ද රැස් කරයි.
අදටත් ජාත්‍යන්තර මට්ටමෙන් පිතිකරුවෙක් සේ ඉහළ නමක් දිනා සිටින දිමුත්ට ක්‍රිකට් තාක්ෂණය සම්බන්ධයෙන් උපදෙස් දෙන්නට නොගිය ද,සිත්තැවීම් ඇතිවන පසුබැසීම් දකින විට,නානාවිධ විවචෙන එන විට,ඔහුට ක්‍රිකට් පිටියේ අ’යන්න කියූ ක්‍රිකට් ගුරුවරයා කතා කර හිත හදාගන්නට උපදෙස් දෙයි.
“එයා ඉන්න තැන එක්ක ක්‍රිකට් ගැන උපදෙස් ඉන්න ලෝකය පිළිගත් පුහුණුකරුවො ඉන්නවා.ඒත් ආදරෙන් උපදෙස් දෙන්න,හිත හදන්න කතා කරන්න වැඩිහිටියෙක් විදිහට දිමුත්ව පුංචි කාලෙ ඉදලා දන්න කෙනෙක් විදිහට තවමත් මට දායකත්වයක් දෙන්න පුළුවන්”
දිමුත්ගේ ක්‍රිකට් ජීවිතයේ පළමු ගුරුවරයා වන නිදර්ශන කන්නංගර පවසයි.


සීමාසහිත සෞඛය සේවක කාර්යමණ්ඩල සංවර්ධන සමූපාකාර සමිතියේ නිලවරණයේ සභාපති පදවියට තරග කරන නිදර්ශන,ඒ වැඩ කටයුතුවල යුහුසුළුව දුව පනිමින් සිටින මොහොතක දිමුත් ගේ ක්‍රිකට් ආරම්භය ගැන කතාබහකට එක් වෙමින් අපට පවසන්නේය.


අයාලයේ රුපියල් ලක්ෂ හයසිය ගණනක වැයක් ඇති ගොඩනැඟිල්ලක් මෙන්ම දැවන්ත මුදලක් තිබුණත්,එයින් සෞක්‍ය සේවකයන්ගේ යහපතට සිදුවන වැඩක් නැති තරමට ඇවැඩ සිඳුවීම ගැන තැවෙමින්ද,එම සමිතියේ අනාගතය වෙනුවෙන් විවිධ සැළසුම් නිලවරණ ප්‍රකාශනය වෙනුවෙන් සකසමින් ද එහෙ මෙහෙ දුවමින් වෙහෙසෙන අතරේ, “අපි දිමුත් ගැන කතා කරමු ද? කියන තැන දී එම වෙහෙස මදකට පසෙකලා බොහෝ කැමැත්තෙන් මා ඉදිරියේ අසුන්ගෙන ඉන්නේය.


“දිමුත් ඉස්සෙල්ලම සුසමයවර්ධනයෙ හිටියෙ.පුංචි කාලෙ දිමුත් පිතිකරණයට වගේම හොඳට පන්දු යවන්නත් දක්ෂයි.එයා එයාගෙ ක්‍රිකට් ඉස්සරහට පවත්වාගෙන යන්න ශාන්ත ජෝෂප් එකට යන්න පාර කපා ගන්නෙත් ක්‍රිකට් නිසාමයි.”
නිදර්ශන තමන් සතු දිමුත්ගේ මතකය අවදි කරයි.
“අපි වනාතෙ ඉපදුණ අය,ඒ නිසා හොඳට ක්‍රිකට් පුළුවන් වුණාට අපිට හොඳ ක්‍රිකට් එකක් ගහන්න බැරි වුණා.සුසමයවර්ධනය වෙනුවෙන්ම තමයි ක්‍රිකට් ගැහැව්වෙ.ඒත් අපිට මේ විශාල ක්‍රීඩාව හිමි නැහැ වගෙ හැඟීමක් දැණුනා.ඉස්සර හරි ප්‍රසිද්ධයි ටැමිල් යූනියන් ක්ලබ් එකට දකුණෙ දක්ෂයො ගේනන මැදිහත් වෙන්නෙ උපුල් සුමතිපාල කියලා මහත්තෙක් බව.එයා තමයි අතුරු සමරසේකර,එයාගෙ අයියගෙ ඉදලා උපුල් චන්දනලා දක්වාම ක්‍රීඩකයෝ ටැමිල් ගස්සන්න මුල් වුණේ.ඒ දවස්වල අපි මැච්වලට ටැමිල් ගියහම අපිට එයා ඉතිං උදව් කරනවා ක්ලබ් එකට චියර් කරන්න කියලා.”


ඒ වන විට සුසමයවර්ධනයේ හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ නිදර්ශනට ඒ පරිසරය තමන්ගේ බව සිතී නැත.පුහුණුවන මොහොතක ගොස් බෝලයක් දාන්නද කියා අසන්නට තරම්වත් එම පරිසරය තමන්ට අහිමිබව සිතන්නට තරම් වනාතෙ පරිසරය සහ එහි උරුම දුප්පත්කම නිදර්ශනගේ හිතට බලපෑම් කර ඇත.
තාත්තාගේ ද රැකවරණය අහිමි වූ පවුල, හරි රැකියාවක් නැති අම්මා සහ අම්මාගේ ගම වූ ඇල්පිටියේ උන් ඥාතීන්ගේ ආදරය මැද දුවන්නක් විය.


“අක්කා ඉතාලි ගිහිං ලොකුවට අපිට ගොඩ එන්න උදව් කළා”
නිදර්ශන තමන්ගේ පවුලේ නැගිටීම විග්‍රහ කරන්නේ ඒ ආකාරයෙන්ය.
“දිමුත් විතරක් නෙමෙයි සුසමයෙ තව දක්ෂයො හිටියා.දිමුත්ට තමයි ඉහළට යන්න පාර කැපුණෙ.අද ඉන්නවා දුලාන් බර්මන් කියලා කෙනෙක්.හොද ක්‍රිකට් එකක් ගැහැව්වා.එයාට සුසමයෙන් යන්න චාන්ස් ආවට ගියේ නැහැ.යවන්න ස්කෝලෙන් කැමති වුණේ නැහැ වගෙම ගෙදරින් උනන්දුවක් කළෙත් නැහැ.අද ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ.දැන් ක්‍රිකට් ඇකඩමි එකක් එහෙයි මෙහෙයි දෙකේම කරගෙන යනවා.”


එසේම මෑත කාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක්ව සිටින මහේෂ් තීක්ෂණව ජාතික කණ්ඩායම දක්වා මෙහෙයවීමට සමත් වූ පුහුණුකරු ශෂික මධුරංග ද නිදර්ශනගේ ක්‍රිකට් ගෝලයෙකි.දැන් කොහොමද තීක්ෂණගේ තත්ත්වය කියා දැන ගන්නට ඒ මොහොතේම මා විසින් මතු කළ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු සොයන්නට ශෂිකව ඇමතු නිදර්ශණ මට ද සිය ජංගමයා දිගු කරන්නේය.
“ස්ර් තමයි ඉතිං අපිට මෙහෙම ක්‍රිකට් එකක් ගහන්න පාර පෙන්නුවෙ.”
ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට තීක්ෂණව ගෙන විත් ක්‍රිකට් ක්‍රිඩා කරවීමේ ගෞරවය සහිත නමුත් ශෂික ද සුසමයවර්ධනයේ ආර්ථිකයට ගැලපෙන පරිදි ප්‍රශ්න සහිතව ජීවත්වීමේ උරුමය නිසා මේ වන විට පුහුණුකරු තනතුර වෙනුවට වෙනත් රැකියාවක නියැලෙන්නේය.
“තව හිටියා චරිත් රාජපක්ෂ කියලා කෙනෙක්,දැන් එයත් සුරා බදු එකේ වැඩ.හොඳ ක්‍රිකටර්,ජීවන් අකලංක…”
මේ ආකාරයට නිදර්ශනගේ මුවින් ගලා එන නාම ලේඛණය අපි කෙටි කළෙමු.සුසමයේ මෙන්ම අශොක් විද්‍යාලයෙන් ද ඉහළට පැමිණි බොහෝ ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ ජීවිතයේ මුල සිටි පුහුණුකරු නිදර්ශනය.


“අපි හිටියේ ලොකුවට ඉගෙනගන්න උනන්දු වෙන පරිසරයක නෙමෙයි.”
තමන් ජීවත් වූ වටපිටාවේ ස්වභාවය සමඟ නිදර්ශන ඊට සියයට සියයක් අනුගත නොවී යහපත් ජීවිතයක් කරා යොමු කරන්නේ ක්‍රිකට්ය.ක්‍රිකට් හී නිරන්තරයෙන් නියැලීම හැරෙන්නට වෙන ආශ්වාද සොයා යන්නට වනාතෙ ඇති අනේක විධ උවදුරු පස්සේ යන්න නිදර්ශනගේ හිත බැඳුණේ නැත.නමුත් නෙළුමක් වුව එය පිපෙන තැන අනුව දකින් පිරිස වෙනස් වන්නේය.තමන්ගේ හිතේම අපි ටැමිල් ගහන්න සුදුසු නැති බව සිතෙන නිදර්ශනලා,අතුල සමරසේකර,ඈෂ්ලි ද සිල්වා,හතුරුසිංහ වැන්නන් දක්වාම ටැමිල් යූනියන් වෙනුවෙන් කෑ ගැහීම සිය උරුමය කරගෙන වැඩ කළත්,ක්‍රිකට් ක්‍රිඩාවෙන් ගොඩ නැඟුණු සංයමය,විශ්වාසය මෙන්ම නිර්භීතකම සමඟ වූ දිරිය සම්පන්න බව ජීවිතයේ ඇලී තිබිණ.
ඒවා පසුව එළියට එන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තමන් රෝහල් කණිෂ්ඨ සේවකයෙක් ලෙස බඳවා ගන්නට තීරණය කළ මොහොතේය.


ක්‍රීඩාව ඇති කළ විනය සමඟ සටන්කාමීත්වය ද සහිතව වැඩෙන නිදර්ශන පසුව නිදහස් සෞඛය සේවා ශාඛාවේ සටන්වල පෙරමුණේ රැදෙන චරිතයක්ද විය.සමහර විට මේ සටහන කියවන ඔබට මේ මුහුණ හුරු ඇත්තේ ද,සෞඛ්‍ය සටන්වල පෙරමුණේ දුටු සහ මාධ්‍යයට කතා කළ චරිතයක් හැටියටය.
“ මං සෞඛය සේවයට ඇවිත් ක්‍රිකට්වලින් ලොකු වැඩක් කරා.සාමාන්‍යයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ කණ්ඩායමේ නායකත්වය සාමාන්‍යයෙන් යන්නෙ ඩොක්ටර් කෙනෙක්ට.ඒත් මං ගහද්දි ඩොක්ටර්ස්ලා හරිම නිහතමානී විදිහට මගේ දක්ෂතාවයට සළකලා ටීම් එකේ කැප්ටන් හැටියට මාව තෝර ගත්තා”
නිදර්ශන ඒ බුද්ධිමත් තේරීම නිවැරදි බව ඔප්පු කළේ වසර 27 ට පසුව සෞඛය අමාත්‍යංශ කණ්ඩායමට 2014 – 2015 වසරේ රාජ්‍ය සේවා ක්‍රිකට් සූරතාවය දිනා දෙමින්ය.එිහිදී කැපී පෙණෙන දස්කම් දැක් වූ නිදර්ශන පසුව ලෙජන්ඩ්ස් තරගාවලියේ දී එම තරගාවලියේ වීරයා ද විය.පසු කලෙක සිය දෙවන පුතු ද සෞඛය සේවයට එක් වූ පසුව තාත්තා සහ පුතා එකට කණ්ඩායම නියෝජනය කිරීම ද ඔහුගේ ජීවිතයේ අපූරු සිහිවටනයකි.දමිත් කන්නංගර නම් වූ පුතා සහ නිදර්ශන දෙදෙනාම අදටත් එකට රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරති.


වරාය කණ්ඩායමට ක්‍රීඩා කළ ජනිත කන්නංගර ද නිදර්ශනගේ පුතෙකි.ඔහු චයිනමන් පන්දු යවන්නෙක් ලෙස නිදර්ශනගේ අඩු පාරේ එමින් කළ දස්කම් නිසා සුසමයවර්ධනයෙන් කොළඹ ශාන්ත පීතරයට පිවිස ක්‍රිකට් ජීවිතයේ යම් සාර්ථක ගමණකට මඟ සකසා ගැනීමට සමත්කම් දැක් වූවේය.


නිදර්ශන දරු පස් දෙනෙක්ගේ පියෙක්ය.ඔහුගේ ක්‍රිඩා පුහුණුවීම් කටයුතු,රැකියාව,වෘත්තීය සමිති වැඩ මේ සියල්ල විසින් පනවන ගෘහණියක සහ මවක ලෙස අවිවේකීත්වයට ගොදුරු වීම දරා ගනිමින් පවුල සමබරව රැඟෙන යන නිදර්ශන කන්නංගර තවමත් ක්‍රිකට් පිටියේ යහමින් ක්‍රිඩා කරන්නට දන්න,අවශ්‍යය විටෙක ඒ ශ්‍රේණියේ පාසල් පුහුණුකරුවෙක් ලෙස නැඟී එන ක්‍රීඩකයෙක්ට නිවැරදි ක්‍රීඩා ශෛලිය කියා දෙන්නට හැකි වුව ද,සීයා කෙනකි.ඒ දරු මුනුපුරන් හතර දෙනෙක්ගේය.නමුත් ක්‍රීඩාව නිසාම ඇත කළ සෞඛ්‍ය සම්පන්න බව උරුම කළ නිරෝගිකම සහිත සිරුරෙන් ඔහු දරුවන් සමඟ මෙන්ම සිය මුනුපුරන් සමඟ ද හරි හරියට පිට්ටනියේ විස්කම් පාන්නට පුළුවන් මට්ටමෙන් සිටියි.


“දිමුත් කියන්නෙ හොඳ ළමෙක්.මුල හොඳට මතකයි.අද වුණත් සුසමයෙන් එන්න කිව්වොත් එන කෙනෙක්.මට නිතර කතා කරන කෙනෙක්.එයා වැඩිහිටියෙක් හැටියට සළකලා යම් යම් උපදෙස් අදහස් අහන කෙනෙක්.ක්‍රීඩකයෙක් ලොකු වගකීමකින් වැඩ කරන්න ඕනි.ඒ වගේම නිහතමානී වෙන්න ඕනි.මුල ඉදලා හැමදේම මතක තියෙන්නත් ඕනි.එතකොට එයාට කොතැනවත් මඟ හැරෙන්නෙ නැහැ.”
දිමුත් ගැන නිදර්ශන පවසන්නේ මහක් සතුටකින්ය.ලංකාවේ ක්‍රිකට් ගැන කොළඹට කිරි කියා සටන් පාඨ කියවුණ රටක,සුසමය වීමත් වනාතේ වීමත් නිසා ඉදිරියට යන්න තමන්ගේම ඔළුවෙන් හයියක් ගන්න බැරි වූ මිනිසෙක් සිය දෙවන පරිච්ඡේදයේ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට නායකයා තනන්නට අ යන්න කීම ඇතුළේම තියෙන්නෙ අප ජීවත්වෙන ක්‍රමයේ නැති සම අවස්ථාවන් ගැන නොවේද?ඒ නිසා අපට දක්ෂයන් මඟ හැරෙන පරිසරයක මේ ආකාරයටවත් හමු නොවුණු නිදර්ශනලාත්,නිදර්ශනලා විසින් සොයා ගත යුතුව තිබුණු දිමුත්ලාත් මඟ හැරී තිබෙන්නට පුළුවන්ය.සමහර දෙනෙක් අතරමං ව ජීවිතයෙන් පලා ගොස් තිබෙන්නටද පුළුවන්ය.ඇත්ත එබඳුය.


“මේක මාර වැඩක් කරන්න පුළුවන් තැනක්.අවුරුදු සියයක කිට්ටු සමිතියක්.තට්ටු ගණන් බිල්ඩින් ගහලා,ගහනවා කිව්ව තට්ටු ගණන් හංගලා තට්ටු ගණන් පිල්ලි ගහපු සමිතියක්.මේක වෙනස් කරලා මං රස්සාවෙන් අයින් වෙන්න ඉස්සෙල්ලා සෞඛ්‍ය සේවකයන්ට ප්‍රතිලාභ ලැබෙන විදිහට සකස් කරන එක මගෙ හීනයක්.මං රස්සාවට ආදරෙයි.මට ජීවත්වෙන්න තව බොහෝ දේවල් හම්බ කරගන්න,පිළිගත්ත පුරවැසියෙක් වෙන්න පාර කියපු රස්සාවට මාව යොමු කරපු අර්ජුන රණතුංග මහත්තයත් මේ වෙලාවෙ ආදරෙන් මතක් කරන්නම ඕනි.”
ඔහු සමූපකාරයේ නව දැක්ම නම් වූ ප්‍රචාරන පත්‍රිකා ගොන්නක් ද රැඟෙන මට දුන්න කාලය යළි අල්ලා ගන්න මෙන් හනි හනික දිව යන්නේය.එහෙත් මේ ක්‍රමය විසින් ඔහුව ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට සහ ක්‍රිකට් පුුහුණුකරුවෙක් විදිහට අල්ලාගන්නට තිබුණ කාලය අල්ලා ගන්නට බැරි තරම් දුරකට ගෙවී ගොස්ය.රෝහලේ සාමාන්‍ය සේවකයෙක් විදිහට අපට හමුවන නිදර්ශන කන්නංගර අපට අද හමුවන්නට තිබුණ දැවන්ත ක්‍රිකට් පසුබිම ගැන සිහිවන විට සමාජයක් විදිහට අපට සතුටු වන්නට නොහැකිය.තමන්ට දැණුන නුහරුකම අස්සේ සැඟවෙන්නට දුන් හැකියාව අද ඔහු සමාජය ඉදිරියේ වෙනත් මානයකින් ඉදිරියට ගෙන එන්නට උත්සාහ කරමින් සිටින මොහොතක,සිය ක්‍රිකට් සම්බන්ධතා හරහා ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ හැකි බව දැනෙයි.අපි ඔහුට සුබ පතමු.



සටහන- නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan