*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

අද හෝ හෙට තීරණාත්මකයි !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගෙවී ගිය කාලය පුරා රට පුරා පැවති නියං කාලගුණික තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා නැවත වරක් විදුලි ගාස්තු දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් සිදුකළ අතර, එම ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු අද (02) හෝ හෙට (03) දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව මෙය ගාස්තු සංශෝධන ක්‍රමවේදයට පෙර මිල ඉහළ දැමිමට සිදුකරන ඉල්ලීමක් වීම හේතුවෙන් ඉදිරි දින දෙක තුළ මහජන උපයෝගීතා කොමිසම වෙත සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් සිදුකරන බවත්, ගාස්තු සංශෝධන ක්‍රමවේදය අනුව ජනවාරි මාසයේදී සිදුවීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙම මාසයේදී සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස ලංකා විදුලි බලමණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳ පක්ෂ විපක්ෂ පිරිසක් විවිධ අදහස් දැක්වීය,

සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට අවසර ලබාදීම සඳහා මහජන උපයෝගීතා කොමිසමට කිසිදු අයිතියක් නොමැති බවයි.

තවද, අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කියා සිටියේ, ජනතාව අපහසුතාවට පත් නොකර විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරමින් එම ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කළ යුතු බවයි.

යළිත් විදුලි ගාස්තු සංශෝධනය සිදුකළහොත් ජනතාව දැඩි අසීරුවට පත්වීම වැළැක්විය නොහැකි බව ,ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසූවේ, ජනතාව අසීරුවට පත් නොවන ආකාරයෙන් ගාස්තු සංශෝධනයන් සිදුකිරීමට රජය පියවර ගනු ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan