පාසල් අධ්‍යාපනය නිම කළ මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් දසදහසකට වෘත්තීය පුහුණුව

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

පාසල අධ්‍යාපනය නිම කළ මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් දස දහසක් සඳහා වෘත්තිය පුහුණුව ලබාදීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සැලසුම් කොට තිබේ.

රැකියා කරා යොමු කරවීමේ අරමුණින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය මත වෘත්තීය පුහුණු ආයතන මගින් මෙම පුහුණූව ලබා දෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පැවසීය.

වෘත්තීය පුහුණූ වැඩසටහන් සම්බන්ධීකරණය නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අදාල පුහුණූ ආයතන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ඉකුත්දා පැවැති අතර එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

පාසල් අධ්‍යාපනය අවසන් කොට උසස් අධ්‍යාපනය කරා යොමු නොවන තරුණ තරුණියන් සඳහා රජයේ නිර්දේශිත NVQ මට්ටමේ වෘත්තිය පුහුණුවක් ලබා දීම මෙමඟින් අපේක්ෂා කරන අතර ඔවුන් විවිධ ආයතන කරා යොමු කිරීමේ සැලසුම් මේ වන විට දියත් කොට ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.

ඒ අනුව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ විදාතා මාධ්‍යස්ථාන, ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථාන, කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුලු රජයේ ආයතන ගණනාවක දායකත්වයෙන් මෙම පුහුණුව ලබා දේ.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් තරුණ තරුණියන් 1634 දෙනෙකු පුහුණුවට යොමු කරන අතර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේන් පුහුණූව ලැබීමට නියමිත ප්‍රමාණය 888කි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් 917ක්, කෘෂිව්‍යාපාර සංවර්ධන අංශයෙන් 922ක් සහ විදාතා මාධ්‍යස්ථාන මගින් 607ක් වෘත්තිය පුහුණුව ලැබීමට නියමිතය.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් 641ක් සහ කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් 390ක් පුහුණුව ලැබීමට නියමිත බවත් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

මෙම පුහුණු වැඩසටහන් සඳහා රජයේ අමතර මුදල් වැය නොවන බවත් පුහුණුව කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇතැයි ද දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...