*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

උගත් විදුබිමට වැඩක් කළ හිටපු ක්‍රිකට් නායක ‘චන්දිමාල්’

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනි සනූජා ජයවික්‍රම මහත්මියගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහ අම්බලගොඩ ධර්මාශෝක විදුහලේ ආදි ශිෂ්‍ය දිනේෂ් චන්දිමාල් මහතා සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකළ “රන්ජිත් පණ්ඩිතගේ” ගෘහස්ථ ක්‍රීඩාංගණය ලෝක ලමා දිනයේ යෙදුණු ඊයේ දිනයේ අම්බලගොඩ ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට යෙදුණි.

එම විද්‍යාලයට අයත් බිමක රු ලක්ශ දෙසීයක වියදමින් ඉදිකල මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණය සදහා සම්පූර්ණ වියදම දරණ ලද්දේ දිනේෂ් චන්දිමාල් මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් වීම විශේෂත්වයකි.

ධර්මාශෝක විද්‍යාලයේ බිමක ඉදිවුන ද මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පුහුණු වීම් සදහා අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ සහ කුලරත්න විදුහලේ දරුවන්ටද අවස්ථාව හිමිවනු ඇත.

එම ඉතාමත් අනගි අවස්ථාව පිළිබඳ දිනේෂ් චන්දිමාල් මහතාගේ හදවතේ නැගුණු හයාංගම අදහස් ඔහු සටහන් කර තැබූ අයුරුයි මේ ,

” මගේ ක්‍රිකට් දිවිය ආරම්භ කරපු අම්බලන්ගොඩ ධර්මාසෝක විද්‍යාලයට ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරයක් ඉදිකිරීම සහ ලෝක ළමා දිනය යෙදෙන අද දිනයේ අම්බලගොඩ ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට හැකිවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම ක්‍රිකට් ක්‍රීඩා කරන්න ගත්තේ 2002 දී. එතැන් සිට අවුරුදු 4ක් ධර්මාසෝක විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කරලා 2006 සිට කොළඹ ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩා කිරීමෙන් පසුව මට ජාතික කණ්ඩායමට යන්න හැකියාව ලැබෙනවා.

අම්බලන්ගොඩින් ආපු ක්‍රීඩකයෙක් විදියට ඒ ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා කරන බොහෝ ක්‍රීඩකයින්ට තියෙන ප්‍රශ්න වලින් එක් ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න පුළුවන් වුනා කියලා මම හිතනවා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනි සනූජා ජයවික්‍රම මහත්මියගේ මගපෙන්වීම යටතේ එම විද්‍යාලයට අයත් බිමක මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකිරීමට අපට අවස්ථාව ලැබුනා. අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ සහ කුලරත්න විදුහලේ දරුවන්ටද මෙහි පුහුණුවීම් කිරීමට අවස්ථාව හිමිවෙනවා.

යුධ හමුදාපති තුමන්ගේ පූර්ණ ආශිර්වාදයෙන්, ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වය මත මේජර් ජෙනරාල් බිමල් විදානගේ මහතාගේ සැලැස්ම හා මග පෙන්වීම යටතේ සහ මගේ මුල්ම පුහුණුකරු වන අශෝක කුමාර මහතාගේ දැඩි කැමවීම මත මෙය සිදුකිරීමට හැකියාව ලැබුනා. මේ වෙනුවෙන් කැපවුන ඔබ සියලු දෙනාටම බොහොම ස්තූතියි.

මෙම ක්‍රීඩාංගණය රංජිත් පණ්ඩිතගේ මැතිතුමන්ගේ නමින් නම් කලේ කොලඹ ආනන්ද විදුහලේ ක්‍රීඩා කරන සමයේ සිට ජාතික කණ්ඩායමේ ස්ථාවර වනතුරුම මගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ ඩිමෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමාට ඇති ගරුත්වය නිසයි.

මේ ක්‍රීඩාගාරය තුලින් ක්‍රීඩයින්ට ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු නොකඩවා කරගැනීමෙන් ඉදිරියට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට බොහෝ ක්‍රීඩකයින්ට හැකියාව ලැබේවා යන්න මගේ එකම පැතුමයි ? “

– චන්දි

ඔබගේ මේ මහඟු කර්ත්ව්‍ය වෙනුවෙන් අපද හදවතින්ම සුබ පතන්නෙමු !

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan