ගතවූ දිනයේ වැඩිම වැස්ස හම්බන්තොටින්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මිලිමීටර 172 ක් වූ දිවයිනේ වැඩිම වර්ෂාපතනය හම්බන්තොටින් වාර්තා වෙයි. ඒ අද (02)උදෑසන 5 න් අවසන් වූ පැය 24 තුළයි..

මේ වනවිට කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ඳ ප්‍රදේශයෙන් තවදුරටත් මහා ගංවතුර මට්ටමේ පවතින අතර, මිල්ලකන්ද මාපකයේ මහ ගංවතුර මට්ටම ලෙස සැළකෙන්නේ මීටර් 8 ක් ලෙසයි. අද අලුයම 3 පමණ වන විට එහි අගය සටහන් වුණේ මීටර 8 යි දශම 54 ක් ලෙසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කළු ගඟ පුටුපවුල ප්‍රදේශයෙන් පවතින්නේ ද සුළු ගංවතුර මට්ටමේ බවත්, ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ඇති බවයි.

නිල්වලා ගඟ, පානදුගම සහ තල්ගහගොඩ ප්‍රදේශවලින් තවදුරටත් පවතින්නේ සුළු ගංවතුර මට්ටමක් සහිතව සහ අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් අවදානම් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටී.

වැස්සෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර, එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 9506 ක් පීඩාවට පත්ව සිටී. තවද, අර්ධ නිවාස හානි 376 ක් වාර්තා වී ඇත.

තවද, වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 08කට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක කර ඇති අතර, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර, මහනුවර, කළුතර, මාතලේ හා හම්බන්තොට එම දිස්ත්‍රික්ක වේ.

දකුණු පළාතේ අකුරුස්ස, අතුරලිය, තවලම සහ කඹුරුපිටිය යන ප්‍රදේශවල පීඩාවට පත්වූ පුද්ගලයින්ට සහන සැලසීමට සිය කණ්ඩායම් අනුයුක්ත කර ඇතැයි නාවික හමුදාව නිවේදනය කළ අතර පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 15,496 ක් ලෙස සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...