*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/02

  1. සියලු ඉන්ධන සැපයුම්කරුවෝ ඉන්ධන මිල ඉහළ දමති: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 92 පෙට්‍රල් ලීටරය රු. 04 කින් ඉහළට, නව මිල රු. 365; 95 පෙට්‍රල් ලීටරය රු. 03 කින් ඉහළට, නව මිල රු. 420; ඔටෝ ඩීසල් ලීටරය රු. 10 කින් ඉහළට, නව මිල රු. 351; සුපර් ඩීසල් ලීටරය රු. 62 කින් ඉහළට, නව මිල රු. 321; භූමිතෙල් ලීටරය රු. 11 කින් ඉහළට, නව මිල රු. 242.
  2. යෝජිත විදුලිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළහොත් දකුණු ආසියාවේ මිල අධිකම විදුලිය සපයන රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇති බවට කීර්තිමත් බලශක්ති විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය අනතුරු අඟවයි: විදුලිය ගාස්තු පහළ දැමීමට නව උපායමාර්ගයක් ගොඩනැඟිය යුතු බව පෙන්වා දෙයි.
  3. නව මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ නීතීවේදීන්ගේ ජාත්‍යන්තර කොමිසම (International Commission of Jurists) සිය අවධානය යොමුකරයි: මෙම පනතේ වත්මන් ස්වභාවය තුළම එය සම්මත වූවහොත් එමඟින් “නිදහස් ප්‍රකාශනය තලාපෙලා දැමීමට සහ රට තුළ දැනටමත් හැකිලෙමින් පවතින සිවිල් අවකාශය තවදුරටත් හැකිලීමට” කටයුතු කරනු ඇති බවට අනතුරු අඟවයි.
  4. දැනට 200,000 ඉක්මවන හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 2030 වන විට 100,000 දක්වා අඩු කිරීමට සහ “හමුදාව තාක්ෂණික හා උපායශීලී හමුදාවක් බවට පත් කිරීමට” රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි: නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් ද එවැනිම කප්පාදුවක් සිදුකරනු ඇත.
  5. වවුලන්ගෙන් බෝවන නිපා (Nipah) වෛරසය ව්‍යාප්ත වීමේ අඩු අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 පිළිබඳ තාක්ෂණික උපදේශක කමිටුවේ හිටපු සාමාජිකා මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි: කෙසේවෙතත්, මෙමඟින් ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටීමේ අවශ්‍යතාවය බැහැර නොවන බව ද අවධාරණය කරයි.
  6. ජනතාවට දරාගත නොහැකි බදු බර පැටවීම හැර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් කිසිවක් ලැබී නොමැති බව ජාතික ජන බලවේගයේ පා.ම. මන්ත්‍රී විජිත හේරත් පවසයි: ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතූ මුත් මාස 17ක් ගතවන තුරුත් එකඳු ඩොලරයක් මත ප්‍රතිව්‍යූහගත කිරීමට හෝ ණය කප්පාදුවක් (haircut) ලබා ගැනීමට නොහැකි වී ඇති බව පෙන්වා දෙයි.
  7. යෝජිත විදුලිය ගාස්තු සංශෝධනය නීති විරෝධී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක අවධාරණය කරයි: යෝජිත විදුලිය ගාස්තුව 2022 අගෝස්තු මාසයේ සිට විදුලි මිල 250% කින් දැවැන්ත ලෙස ඉහළ නංවා ඇති අතර, මෙමඟින් රට කම්පනයට පත්ව ඇති බව පෙන්වා දෙයි.
  8. කිලොවොට් 500 දක්වා බලය සහිත විදුලි වාහන ආනයනය කිරීම සඳහා ශුන්‍ය රේගු ගාස්තුවක් (zero customs tariff) පැනවීමට හෝ සෙමි-නොක්ඩවුන් (semi-knockdown) ආකාරයේ සීසී 3000 ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් විදුලි වාහන (plug-in hybrid electric vehicles) රට තුළ එකලස් කිරීම සඳහා අවසර දීමේ යෝජනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා තම සමාගම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා කර ඇති බව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් (CMTA) සංගමයේ සභාපති චරක පෙරේරා පවසයි.
  9. මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ආචාර්ය මොහොමඩ් මුයිසු ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් එක් කරයි.
  10. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙවන වාරිකය ලබා ගැනීමට නව ගිවිසුමක් අවශ්‍ය වනු ඇති බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ගාමිණී වෙලේබොඩ පවසයි: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි 100න් සම්පූර්ණ කර තිබෙන්නේ 38ක් පමණක් බව පවසයි: කොන්දේසි 43 ක්ම තවමත් ප්‍රගතියක් අත්කර ගෙන නොමැති අතර, ඉතිරි කොන්දේසි අර්ධ වශයෙන් පමණක් ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan