*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ආයෝජන මණ්ඩලය ආයෝජකයින් වෙනුවෙන් නව වැඩපිළිවෙළක් අරඹයි !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආයෝජන මණ්ඩලය (BOI) විසින් ආයෝජකයින්ගේ දිගුකල් පැවත්ම වෙනුවෙන් නව වැඩසටහනක් දියත් කර ඇත. මෙහිදී, විශේෂ “IT/ITES සමාගම් 100” සමඟ නව වැඩසටහනක් ආරම්භ කෙරෙනු ඇත.

තවද, ආයෝජන ප්‍රවර්ධන නියෝජිතායතනය නව නිෂ්පාදනයක් සමඟ තාක්ෂණ සේවා සමාගම් 100ක් සම්භන්ධ කර ගැනීමට අපේක්ෂා කරන අතර,
මෙහිදී ඉලක්කගත වැඩසටහන වනුයේ , දැනට පවතින ආයෝජන මණ්ඩල සමාගම් 50ක් නැවත ආයෝජනය කිරීමට ලබා ගැනීම, නායකත්වය, ප්‍රතිපත්ති වෙනස් කිරීම සහ ප්‍රවර්ධනය යන අංශ හතර සඳහා කර්මාන්ත උපදේශක සභා පිහිටුවීමටයි.

මෙහි ප්‍රධාන සලසුම වී ඇත්තේ, ප්‍රධාන ආයෝජක සේවාවන් ඩිජිටල්කරණය කිරීම, ආය්ලෝජ්න වල තරඟකාරීත්වය ප්‍රවර්ධනය කිරීම, ප්‍රධාන ගිණුම් කළමනාකරණය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි පවතින ආයෝජන කලාප නවීකරණය කිරීම සඳහා එය සැලසුම්කිරීමයි.

ආයෝජකයින් රඳවා ගැනීමේ වැඩසටහනට අනුව, දැනට පවතින ආයෝජකයින්ට ඔවුන්ගේ ලාභය රඳවා ගැනීමට සහ රට තුළ ඇති ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු නැවත ආයෝජනය කිරීමට/පුළුල් කිරීමට සහ දිරිමත් කිරීමට ඉලක්ක කර ඇති බව , ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා පැවසීය.

දැනට පවතින ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම්, වසර 5 කට වැඩි කාලයක් ක්‍රියාත්මක වන අතර, පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහනය මත ඩොලර් 30,000 නොඉක්මවන මුදලක් දක්වා ගාස්තු අයකිරීමෙන් නිදහස් කිරීමට යටත්ව විදුලියෙන් ක්‍රියාත්මක වන වාහනයක් ආනයනය කිරීමටද හකියාව ලැබෙනු ඇත. මෙම පහසුකම ආයෝජකයින් සඳහා අවස්ථාව ලැබෙනුයේ, ව්‍යාපෘතිය හරහා අමතර ඩොලර් මිලියන 3ක් ආයෝජනය කිරීම සහ අවම වශයෙන් රැකියා අවස්ථා 50ක් උත්පාදනය කිරීමේ සුදුසුකම් සපුරාලීම මතය.

මෙම ව්‍යාපෘතිය දැනට පවතින E-commerc හරහා ICT සමාගම්, තොරතුරු තාක්‍ෂණ (IT), ව්‍යාපාර ක්‍රියාවලි (BPO) සහ දැනුම ක්‍රියාවලි (KPO), ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM), දත්ත විශ්ලේෂණ සහ AI/ML හි නියැලී සිටින නව ව්‍යවසායන් පුළුල් කර ගැනීමට රට තුළ පිහිටුවා ඇත.

මෙහිදී, අවම වශයෙන් ඩොලර් 250,000 ක් ආයෝජනය කරන සහ නව දේශීය රැකියා අවස්ථා 50 ක් උත්පාදනය කරන ICT සමාගමක්, එයින් සේවකයින් 15 දෙනෙකුට තාක්ෂණික සුදුසුකම් තිබිය යුතුය.

රාජ්‍ය සහ පුද්ගලික හවුල් ව්‍යාපෘතියක් මගින් අපනයනය, නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම, තාක්ෂණ හුවමාරුව සහ දැනුම හුවමාරු කිරීම සහ රටේ ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ගෝලීය ICT කර්මාන්තයේ තරඟකාරී ප්‍රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමට අපේක්ෂා කරන බව ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා වඩිදුරටත් කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan