බස් ගාස්තු ඉහළ යන ලකුණු !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අවම වශයෙන් 5%ක ප්‍රතිශතයකින් බස්ගාස්තු ඉහළ දැමීම සිදුකළ යුතු බව , සමස්ත ලංකා පෞද්ගලික රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා කියා සිටියේ, ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පෞද්ගලික බස්ගාස්තු ද ඉහළ දැමීමට රජය අවසර ලබා දිය යුතු බවයි.

ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ද ඉහළ දැමීමට පියවර ගෙන තිබුණු අතර එය තම බස් ගාස්තු සඳහා දැඩිව බලපාන බව ඔවුන් පවසයි.

මේ අනුව කෙටි දුර ධාවන බස් රථයකට රු.1000 ක පාඩුවක් වන බවත්, දුර සේවා බස්වලට රු. 2500 ක පාඩුවක් සිදුවන බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අතර මෙම ඉන්ධන මිල වැඩි වීම පිලිබඳ පාරිභෝගික ජනතාවද මැසිවිලි නගමින් සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...