*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ගයන්තිකාගේ පා ගැයුම අවසාන වූ පසු……

ගයන්තිකා අබේරත්න ඊයේ ආසියානු ක්‍රීඩා උළෙලේ සිය මීටර් 1500 ඉසව්ව නිමා කළේ විනාඩි 4:18.77 ට ය.එහිදී ඇයට හිමි වුණේ සිව්වන තැනය.නමුත් ඇය ආසියාවේ සිව්වැන්නිය ය.වසර විස්සකට වැඩි කාලයක් ඇය ධාවන පථයේ දැක ඇත.දැන් ඇයට වයස 36 කි.ඉතිහාසයේ පාසල් ක්‍රීඩිකාවන් ලෙස ඇයත්,ඇගේ සොයුරිය නිලංකා සංජීවනීත් පමණක් පැමිණ සුරියවැව ජාතික පාසලට සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වයස් කාණ්ඩායක බාලිකා මලල ක්‍රීඩා සූරතාවය ගෙන යන්නට තරම් දක්ෂතා පෑමෙන්ම ඔවුන් සිය අනාගතය ගැන එකළ ඉඟි කළහ.

පසුව නිලංකා විශ්ව විද්‍යාල ජීවිතයේ කාර්ය බහුලකමත් සමඟ පසු බෑවාය.ගයන්තිකා ක්‍රමයෙන් අත්දැකීම් සමඟ ලියලා වැඩෙමින් ආසියානු මට්ටමේ ජයග්‍රහණ සඳහා පිවිසෙමින් ලෝකයේම අවධානයට ලක් වන මලල ක්‍රීඩිකාවක වූවාය.සූරියවැව කෙළවරේ වනයට ආසන්නයේ ජීවත්වන ගයන්තිකා ලා,වග වළසුන් මෙන්ම දරුණු සර්පයන් අතරින් ද දිනපතා පුහුණුවට ඇවිද ආහ.ඒ දුර අඩු කරන්නට මහවැලි ඉඩමක් ළඟින්ම දෙන බව බලධාරීන්ට කියන්නට සිහිවන්නේ මහවැලි ක්‍රීඩා උළෙලක් ආසන්නයේය.

නමුත් හෙටට හැමදාම කල දැමෙමින් තිබුණ සිහිනය මේ සටහන්කරුගේ අකුරු හරහාම යථාර්තයක් කරන්නට හැකි වූයේ එකල මහවැලි ඇමතිව සිටි මෛත්‍රීපාල සිරිසේනට නිරන්තරයෙන් කරන ලද සිහි ගැන්වීම් නිසාය.ඉඩම් ලැබුණ ද නිවෙස් නිකං තැනෙන්නේ නැත.රට නියෝජනය කර ලැබෙන මහා බක්කක් ද නැත.නාවික හමුදා වැටුපට අමතරව වෙනත් ආකාරයකින් ඔවුන්ගේ හැකියාවට මුදල් ගලා එන්නට ක්‍රම සැකසී නැති වීම ගයන්තිකාට පමණක් නොව ලංකාවේ සියළුම ක්‍රිඩකයන්ට අදාළ දෙයක්ය.

මේ කාරණය මතු කරන්නට සිතුවේ ගයන්තිකා බොහෝ විට මේ දුවන්නේ අවසාන ක්‍රීඩා උළෙල විය හැකි බැවින්ය.සූරියවැව පැත්තේ කෙල්ලන් අවුරුදු 18 දී විවාහවීම මෙන්ම 18 න් ම දරුවන් වැදීම සාමාන්‍ය සිරිතක්ය.බොහෝ විට ගයන්තිකාලාගේ සම වයස් මිතුරියන්ට මේ වන විට අවුරුදු 18 දරුවෝ සිටිනවා විය හැකිය.එසේ බැලුවොත් අලුතෙන් දුවන 18 දරුවන්ට ගයන්තිකා අම්මා කෙනෙක්ය.
ඇත්තටම ගයන්තිකාගේ සමහර හැසිරීම් ද අම්මා කෙනෙක් බඳුය.විශේෂයෙන් තරුෂි කරුණාරත්නට ඇය දෙන උපදෙස් ඇයගේ ජයග්‍රහණ වෙනුවෙන් ඇය තරගයේදී සකස් කර දෙන පසුබිම ගැන කතා බොහෝය.ඒත් ඒ අත්දැකීම් රැඟෙන හැමදාම ධාවනයේ යෙදෙන්නට නොහැකිය.එසේනම් ඇය සමුගෙන යන දවසක රටට හෙළපු දහදිය වෙනුවෙන් දෙන්නේ මොනවාද?

උදාහරණයකට සියලු සුඛොපභෝගී වරප්‍රසාද ලබන ඇමතිවරුන්ට වඩා මේ රට ගැන ලෝකය දැන ගන්නට සහ ලෝකයේ ආශිර්වාදය හිමිවන්නට බලපෑම් ඇති කළ දෙපයක් සතු ගයන්තිකා හෙට නික්ම යන්නේ නම් මේ රටේ ක්‍රීඩා බලධාරීන්ට අත පිසදාගෙන ඒ දෙස බලා සිටින්නට හැකිද?බොහෝ ඇය ලැබූ ජයග්‍රහණ මෙන්ම පසුකාලීනව එකතු වන ජයග්‍රහණවලටද පදක්කම්වල කීර්තියටත් වැඩිය ගයන්තිකා වැනි ක්‍රීඩිකාවන් හෙළු දහදිය,කඳුළු මුසුව තිබෙන බව අපි දත යුතු වන්නෙමු.ඒ නිසා ඊට වටිනාකමක් දී දිනා දුන් පදක්කම්වලට මෙන්ම අලුත් කළ නව වාර්තාවන්ට ද ගරු සරු කරමින් ගයන්තිකා වෙනුවෙන් යමක් කරන්නට ලංකාවේ ක්‍රිඩා බලධාරින් කුමක් කරනු ඇද්ද?
අපි බලා සිටින්නෙමු.

එසේම ගයන්තිකාව ධාවන පථයට උරුම කළ සුජිත් අබේසේකරට මෙන්ම ඇය ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සඳහා අද වන විට ඔප මට්ටම් කරමින් සිටින සජිත් ජයලාල් ට ද මේ රට ස්තූතිවන්ත විය යුතුය.ඇය එතරම් රමණිය ක්‍රිඩිකාවක්ය.විජයග්‍රාහී අප්‍රතිහත ධෛර්යෙන් තරග කරන්නියක්ය.

ගයන්තිකා රත්තරන්වලට වඩා වටින පාඩමක් ලෙස හෙට දවසේ මලල ක්‍රීඩාවට පාඩම් ගත හැකි ක්‍රීඩිකාවක්ය.එවැන්නෝ තවත් සිටිති.සමහරු නිහඩවම සමුගෙන ඇත.තවත් අය සමුගැන්ම ආසන්නයට පැමිණ ඇත.ඒ අයට කළ රත්තරන් සේවයට උපහාර දෙන සුදුසු ක්‍රමයක් ඇති තැනක් බවට ක්‍රීඩා අමාත්‍යංශය පත් කරන්නේ කොහොමද?
අපි ගයන්තිකාගෙන් පටන් ගමු!

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan