*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ආණ්ඩුවේ තීරණ ගැන ජනතාව සතුටු නෑ – අනුර දිසානායක

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වී මාස පහළොවකට ආසන්න කාලයක් වන්බ බවත්, ලබන වසරේ අගෝස්තු මස අනිවාර්යයෙන් ජනාධිපතිවරණ කැඳවන්න සිදුවන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා කියයි.

ඉදිරි කාලය සුබදායි වන බවට ආණ්ඩුව ජනතාවට බලාපොරොත්තු ඇති කලත්, ජනතාව ආණ්ඩුව ගනු ලබන තීන්දු තීරණ කෙරෙහි කිසිසේත් සතුටකින් නොමැති බව කියන අනුර මහතා , එදා ලක්ෂ ගණන් ජනතාව පාරට බැහැලා ඉල්ලා සිටි, අපේක්ෂාවන්, අරමුණු ඉලක්කයන් ඉටුකර දීමට මේ පාලකයන් අසමත් වී ඇති බවද කියා සිටී.

අනුර දිසානායක මහතා ඒ පිළිබඳ අදහස් දක්වමින්,

” අපේ රටේ ඉතිහාසයේ මේ දක්වා ආණ්ඩු මාරු වුණේ ඡන්දවලින්. නමුත් ඡන්දෙකට කලින් මේ රටේ ජනතාව ආණ්ඩු මාරු කළා. ඒ 2019 නොවැම්බර් මාසෙ 69 ලක්ෂයක ජනවරමක් ලබාගත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් 2020 මහ ඡන්දෙදි තුනෙන් දෙකක ප්‍රබල ජනවරමක් ලබාගත් අගමැති මහින්ද රාජපක්ෂත්, ආණ්ඩුවත් වෙනස් කරන්න කියලා රටේ මහජනතාව පාරට බැස්සා. මේ පාලකයන් වෙනස් කරන්න ඕන කියන අදහස රටේ ජනතාවට තිබුණ නිසා, ඒ අරගලයට මහජනතාවගෙ ආශිර්වාදය ලැබුණා. නමුත් එහි ප්‍රථිපලය යහපත් වුණේ නෑ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා මාස පහළොවකට ආසන්න කාලයක් වෙනවා. ලබන වසරේ අගෝස්තු මාසයේ අනිවාර්යයෙන් ජනාධිපතිවරණ කැඳවන්න සිදුවෙනවා. ඉදිරි කාලය සුබදායි වන බවට ආණ්ඩුව ජනතාවට බලාපොරොත්තු ඇති කරනවා. නමුත් ජනතාව ආණ්ඩුව ගනු ලබන තීන්දු තීරණ කෙරෙහි කිසිසේත් සතුටකින් නැහැ. එදා ලක්ෂ ගණන් ජනතාව පාරට බැහැලා ඉල්ලා සිටි, අපේක්ෂාවන්, අරමුණු ඉලක්කයන් ඉටුකර දීමට මේ පාලකයන් අසමත් වෙලා තියෙනවා.

ජනතාව බලාපොරොත්තු වුණා නීතියේ විධානයේ ආධිපත්‍ය තියෙන රටක්. සැමට සාධාරණ නීතියක් ක්‍රියාත්මක වෙන රටක්. නමුත් එය ඉටු වූයේ නැහැ. පසුගිය දිනෙක පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් සිද්ධ වුණා. එහි ප්‍රථිපලය ලෙස ගාල්ලෙ ව්‍යාපාරිකයකු මිය යනවා. ඔහු එක පාතාල කඳවුරක් නියෝජනය කළ කෙනෙක්. ඔහු ඇමති කෙනෙක්ගේ මාමා කෙනෙක්. අපට අද පෙන්නුම් කර තිබෙනවා මේ පාතාලයන් පිටුපස, කුඩු ජාවාරම් පිටුපස දේශපාලකයන් ඉන්න බව.

ඔබ දන්නවා පුත්තලමෙ ‘අලි සබ්රි රහීම් ” විශාල රත්තරන් තොගයක් ගෙනත් අහුවුණා. ඔහු පසුවදා පාර්ලිමේන්තුවට ආවා. එදා පාර්ලිමේන්තුවෙ ඡන්දයක් පැවැත්තුවා. එයට ඔහු විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. ඊට පස්සේ පාර්ලිමේන්තුවෙ තවත් ඡන්ද කීපයක් තිබ්බා. ඒ සෑම ඡන්දයකදිම අලි සබ්රි රහීම් ඡන්දය පාවිච්චි කළේ ආණ්ඩුවට පක්ෂව. කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධ විශ්වාසභංගෙදි, අලි සබ්රි රහීම් ඡන්දය දුන්නෙ කෙහෙලිය රඹුක්වැල්ලට පක්ෂව. ඒ කියන්නේ ආණ්ඩුවට පක්ෂව. සාධාරණව නීතිය ඉටුවන බවට කිසිදු ක්‍රියාමාර්ගයක් පෙන්නුම් කරන්නේ නෑ. පසුගියදා මුලතිව්වල මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා නඩු තීන්දුවක් දීම හේතුකොටගෙන ඔහුට මරණ තර්ජන එල්ල වෙලා තිබෙන බව. එයින් පැහැදිලි වෙනවා විනිසුරුවරුන්ට දේශපාලන නඩුවලදි තර්ජනයක් තියෙන බව. ඒ නිසා රටේ නීතිය කෙරෙහි විශ්වාසයක් ගොඩනැඟෙන්නේ නැහැ.

අරගලයේ තවත් බලාපොරොත්තතුවක් තමයි දුෂණය නාස්තිය නතර කිරීම. නමුත් ජනාධිපතිවරයා මොකද කරන්නේ. ජනාධිපතිවරයා රැජිණගේ මළ ගෙදර යනවා. කුමාරයාගෙ ඔටුනු පලඳන උත්සවයට යනවා, ජපානයේ අගමැතිගෙ මළ ගෙදර යනවා, රාජ්‍ය නායකයෙක් ලෙස ජනාධිපති පමණක් වූ කණ්ඩායමක් සමඟ ජර්මනියේ පරිසර සමුළුවකට යනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට රැගෙන ගියේ මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන. මේ අයව රැගෙන ගියේ රට ගැන හිතලා නෙමෙයි. ජනාධිපති කැම්පේන් එක ගැන හිතලා. තමන්ගේ දේශපාලනයට, ඊළග ජනාධිපති සිහිනයට, පොහොට්ටුවේ සහාය ලබාගැනීමට මහජනයාගේ ධනය නාස්ති කරනවා ”

අනුර දිසානායක මහතා මෙ බව කියා සිටියේ ඊයේ (2023.10.01) දින ජාතික ජන බලවේගයේ මාවනැල්ල ආසන සමුළුව අමතමිණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan