මෙක්සිකෝවේ දේවස්ථානයක වහලක් කඩා වැටීමෙන් දස දෙනෙක් මරුට!

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු මෙක්සිකෝවේ දේවස්ථානයක වහලක් කඩා වැටීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Ciudad Madero හි Santa Cruz දෙව්මැදුරේ 100 දෙනෙකු පමණ බව්තීස්මයට සහභාගී වෙමින් සිටියදී ඉරිදා පස්වරුවේ මෙම වහල කඩා වැටීම සිදු විය.

ඉන් පුද්ගලයන් 60 දෙනෙකු තුවාල ලබා ඇති අතර, දෙදෙනෙකු පමණ බරපතල ලෙස තුවාල ලබා ඇති අතර, දුසිම් ගනනක් සුන්බුන් යට සිරවී ඇත.

ප්‍රදේශවාසීන් උදලු සහ අත්වාරු රැගෙන ගොඩනැගිල්ල වෙත දිව ගොස් සිරවී සිටි අය මුදා ගැනීමට උත්සාහ කළ බව සඳහන් වේ.

සෝදිසි කිරීම් සහ ගලවාගැනීමේ කණ්ඩායම් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති අතර සුන්බුන් ඉවත් කිරීම සඳහා දොඹකර දෙකක් එම ස්ථානය වෙත ගෙන එන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...