මහින්දගේ අසනීප කතාවේ මුල …

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අසනීපයෙන් ඉන්නේ කියලා කතාවක් පහුගිය දවස්වල හෝ ගාලා පැතිරුණානෙ. මේක සමාජ මාධ්‍යවල සෑහෙන්න වයිරල් වුණා. කට්ටිය එක එක කතාත් කියලා තිබුණා.

කොහොම වුණත් අපට ආරංචි වුණු හැටියට ඔය අසනීප කතාව පටන් අරන් තියෙන්නේ මෙහෙමයි,

රාජ්‍ය ඇමති ඩී.වී. චානකගේ මාමණ්ඩිය වුණු ලලිත් වසන්ත මෙන්ඩිස් පහුගිය 23 වෙනිදා වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වුණා. කෝටිපති රෙදිපිළි ව්‍යාපාරිකයෙකු වෙන ඔහු වෙළඳසැලේ වැඩ කටයුතු ඉවර කරලා ගෙදර එන අතරතුර තමයි මෙහෙම වෙඩි වරුසාවකට ලක්වෙලා තිබුණේ. ඉතින් මේ මළගෙදරට නාමල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් ගොඩාක් දෙනා ඇවිත් තිබුණා.

ඩී.වී. චානකයි නාමලුයි දෙන්නා යාළුවෝ. චානකගේ තාත්තා, ඒ කියන්නෙ ඩී.වී. උපුල් කියන්නෙත් හම්බන්තොටම දේශපාලනය කරන හිටපු පළාත් සභා ඇමති කෙනෙක්. මේ අය රාජපක්ෂ පවුලේ හිතවතුන්. හැබැයි මහින්ද රාජපක්ෂ මේ මළගෙදරට ඇවිත් තිබුණේ නැතිලු.

ඉතින් මළගෙදර ආපු කට්ටිය “මහින්ද මහත්තයා ආවේ නැත්තේ ඇයි ?” කියලා විපරම් කරනකොට චානකලාගේ පැත්තේ අය කියලා තියෙන්නේ “මහින්ද මහත්තයා අසනීපෙන්, ඒකයි ඇවිල්ලා නැත්තේ” කියලා ලු.

ඔන්න ඔය කතාව තමයි අන්තිමේ සමාජ මාධ්‍ය කළඹවන ප්‍රවෘත්තියක් වෙලා තියෙන්නේ ….

කොහොම වුණත් අසනීප කතාව දුරදිග ගිය තරම නිසාමද මංදා මහින්ද රාජපක්ෂ මහතා පහුවදාම එළියට බැහැලා කැළණි විහාරයට ගිහින් මාධ්‍යවලටත් උත්තර දීලා තිබුණා.

කලින් දවසේ මහින්ද මහත්තයා අසනීපෙන් හිටියාද කියන්න අපි දන්නෙ නෑ, ඒත් ඉතින් ඩී.වී. චානකගේ මාමණ්ඩියගේ කෙරුවාවල් ගැනත් පහුගිය ටිකේ කතා එළියට ඇදිලා තිබුණු නිසා මහින්ද මහත්තයා ෂේප් එකේ පැත්තකට වෙලා පාඩුවෙ හිටියද දන්නෙත් නෑ කියලා සමහරු කියනවා. කොහොම වුණත් මහින්ද කියන්නෙ මහින්දට !

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...